ඓතිහාසික යාපනය නල්ලූර් කෝවිලේ පවත්වනු ලබන වාර්ෂික දේව මෙහෙයන් අදින් (16) ආරම්භ වී මේ මස 25 වනදා දක්වා පැවත්වෙන බවට නල්ලූර් කොවිලේ ප්‍රධාන ...
ඓතිහාසික යාපනය නල්ලූර් කෝවිලේ පවත්වනු ලබන වාර්ෂික දේව මෙහෙයන් අදින් (16) ආරම්භ වී මේ මස 25 වනදා දක්වා පැවත්වෙන බවට නල්ලූර් කොවිලේ ප්‍රධාන පූජක පරමාචාර්ය ස්වාමි නල්ලෙයි ආදීනතුමා කියා සිටියේය.
සෑම වසරකම නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය සිදු කරනු ලබන අතර ඒ සඳහා දෙස් විදෙස් බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකින් නල්ලූර් භූමිය පීරී පවතියි.
එමෙන්ම නල්ලූර් මංගල්ලය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 500 කට ආසන්න පිරිසක් කෝවිල හා අවට ප්‍රදේශයන්හි විශේෂ රාකාරී කටයුතු වල නිරත කිරීමටද යාපනයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.
අදින් ඇරඹෙන නල්ලූර් කොවිලේ මංගල්ලය අවසන් දේව මෙහෙය 25 වන දින පැවත්වෙන අතර එදිනට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ භාර හාරයන් ඔප්පු කරනු ලැබේ.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS