දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගුරුවරුන්ගේ නිවාඩු කාළයේ වැටුප් කපන පුවත බොරුවක් : රිවිර සහ ඇමති කියයි.
Homeගොසිප්

ගුරුවරුන්ගේ නිවාඩු කාළයේ වැටුප් කපන පුවත බොරුවක් : රිවිර සහ ඇමති කියයි.

PropellerAds

පාසල් නිවාඩු කාලය සදහා ගුරු වැටුප් ගෙවීම් නතර කරන බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කළ ප්‍රකාශයක් බව පවසමින් එක්තරා වෙබ් අඩවිය...

පුතාගේ හදිසි මරණය දරාගන්නට බැරිව මතක වස්ත්‍ර පූජාව අතරදී මව මිය යයි
කුණු කන්ද ඉවත් කරන්න ප්‍රමාද වූණේ යුද්ධය නිසා - මහින්ද
සයිටම් වහන්නෙ නෑ- නෙවිල්ගෙන් ඉවත් කරනවා - ජනපති දන්වයි



පාසල් නිවාඩු කාලය සදහා ගුරු වැටුප් ගෙවීම් නතර කරන බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කළ ප්‍රකාශයක් බව පවසමින් එක්තරා වෙබ් අඩවියක් සහ සමාජ ජාලා වෙබ් අඩවි තුළ පළවන පුවතට තම පුවත්පත සම්බන්ධ නැති බව 'රිවිර' පුවත්පත නිවේදනය කරයි.

'උපුටාගැනීම - රිවිර' ලෙස සඳහන් ව්‍යාජ පුවතක් එක්තරා වෙබ් අඩවියක් විසින් පළකර ඇති අතර එය සමාජ ජාලය තුළ ආන්දෝලනයට තුඩුදෙන ආකාරයට මුදාහැරීමට ද ඔවුන් කටයුතු කර ඇත.

මෙම පුවත රිවිර ඉරිදා පුවත්පත තුළ හෝ රිවිර පුවත්පතෙහි නිල වෙබ් අඩවියෙන් හෝ ඔවුන් විසින් මෙහෙයවන කිසිදු සමාජ ජාල පිටුවක හෝ කිසිසේත් පළ නොකළ බවත් එම පුවත පිළිබඳ කිසිඳු වගකීමක් නොදරන බවත් රිවිර මාධ්‍ය ආයතනය පාඨකයන් වෙත දන්වා තිබිණි.

ඇමතිගෙනුත් මාධ්‍ය නිවේදනයක්


නිවාඩු මාස වලදී ගුරු වැටුප් නතර කරන බවට අන්තර්ජාල මාධ්‍ය හරහා පලවන අසත්‍ය පුවත පිලිබඳවයි

නිවාඩු මාසවල ගුරුවැටුප් ගෙවීම නතර කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමේ සූදානමක් ඇති බව දක්වමින් මේ වනවිට අන්තර්ජාලය හරහා අසත්‍ය ප්‍රවෘත්තියක් ප්‍රචාරය වෙමින් පවතී. මෙම අසත්‍ය පුවත සමාජගත කිරීම පිටුපස අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිරූපය විනාශ කිරීමේ නිර්ලජ්ජිත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට මේ වන විට අප වෙත තොරතුරු ලැබී ඇත.

අමාත්‍යවරයා විසින් බදුල්ලේ පැවති උත්සවයකදී පැවසූ බව දක්වමින් වෙබ් අඩවියක පළවූ පුවතක් තවත් කණ්ඩායමක් විසින් මුදල් ගෙවා ෆේස් බුක් සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත කිරීමේ උත්සහයක නිරතවන බව පැහැදිලි වේ.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සිදුකරන ජනතා විශ්වාසය දිනාගත් වැඩසටහන් පිළිබදව මෙන්ම ඒ හරහා ගොඩනැගී ඇති අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රතිරූපය සහ පෞරුෂත්වය බිඳදැමීමේ කුමන්ත්‍රණයක් මේ හරහා ක්‍රියාත්මක බවට පැහැදිලි තොරතුරු අප සතුව තිබේ.

එමෙන්ම පාසල් ප්‍රජාව සහ අමාත්‍යවරයා අතර සිත් බිඳවීම් සහ විශ්වාසය පලුඳු කිරීම මෙම කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ වී ඇති බව පැහැදිලිය. කුමන්ත්‍රණකරුවන් විසින් අදාල ප්‍රවෘත්තිය රිවිරෙන් උපුටා ගත් බව ප්‍රකාශ කරන නමුත් රිවිර නිළ වෙබ් අඩවියේ හෝ දැනට සති අන්ත ඉරිදා දිනයේ පමණක් නිකුත් කෙරෙන රිවිර පුවත්පතේ හෝ එවැනි ආකාරයේ කිසිදු ප්‍රවෘත්තියක් පළ නොවූ බව රිවිර කතෘ මණ්ඩලය විසින් ද අප වෙත සනාථ කර තිබේ.

මෙවැනි තත්ත්වයක් තුළ සිතාමතා ද්වේශ සහගතව හා සැලසුම් සහගත ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගේත් අධ්‍යාපන අමාත්‍යංශයේත් ප්‍රතිරූපයට හානි ඇතිවන ආකාරයෙන් තොරතුරු පළ කර ඇති අදාල වෙබ් අඩවිය , අදාල ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය ජාල තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම් සහගතව කටයුතු කළ කණ්ඩායම් හා පුද්ගලයින් පිළිබද අමාත්‍යංශය මට්ටමින් හෙට දිනයේ පොලිස් පැමිණිල්ලක් සිදුකිරීමටත් අවශ්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බවද සඳහන් කරමු.

කල්ප ගුණරත්න,
මාධ්‍ය ලේකම්,

අධ්‍යාපන අමාත්‍යංශය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගුරුවරුන්ගේ නිවාඩු කාළයේ වැටුප් කපන පුවත බොරුවක් : රිවිර සහ ඇමති කියයි.
ගුරුවරුන්ගේ නිවාඩු කාළයේ වැටුප් කපන පුවත බොරුවක් : රිවිර සහ ඇමති කියයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0Ak8tGgdrBTf80DcI_5P1CGBHYa-FFadBmDBboUNhOjq0OjSaWhkkwh_nzqMsNccrAYPKo6-c2Lam_S1jHIheVjU03fmGw8_RtyzxEuysx9z5UWNCfHeKGu1CnA8z_Zg8xxXkUPk-JtpJ/s1600/z_p03-Free.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0Ak8tGgdrBTf80DcI_5P1CGBHYa-FFadBmDBboUNhOjq0OjSaWhkkwh_nzqMsNccrAYPKo6-c2Lam_S1jHIheVjU03fmGw8_RtyzxEuysx9z5UWNCfHeKGu1CnA8z_Zg8xxXkUPk-JtpJ/s72-c/z_p03-Free.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_673.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_673.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy