කීත්නොයාර් නමින් මාධ්‍යවේදියෙකු සිටි බවට මතකයේ නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ...
කීත්නොයාර් නමින් මාධ්‍යවේදියෙකු සිටි බවට මතකයේ නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය ඊයේ (20) ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවේ විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළාය.
ද නේෂන් පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට මෙම සිද්ධිය සම්බන්ධයෙන් මතකයක් නැත යන ස්ථාවරය දරන බවය. මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය සඳහන් කෙළේ ‘ප්‍රධාන සාක්කිකරුවන්ට අමතක වීමේ රෝගයක් සෑදී ඇති බවය. මෙසේ සාක්කි වසන් වීමට හේතුව කුමක්ද යන්න කියා අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැර ඇති ප්‍රකාශයේ ඇති කරුණු සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙසේ පැවසීය.
එකල ආණ්ඩුවට සහ ත්‍රිවිධ හමුදාවට විරුද්ධව මාධ්‍ය හරහා බොහෝ දුරට විවේචනාත්මක ලිපි ප්‍රචාරය වීම සුලබ බැවින් එක් මාධ්‍යවේදියකු සම්බන්ධව තමාට විශේෂ මතකයක් නොමැති බවද, කීත් නොයාර් මහතා පැහැර ගැනීම පිළිබඳ කථානායක කරූ ජයසූරිය මහතා දුරකථන ඇමතුමක් ලබා දී පවසා සිටි බවට නිශ්චිත මතකයක් නොමැති බවද ප්‍රකාශ කර ඇත. දුරකථන ඇමතුම් විශාල ගණනක් ඒ දිනවල ලැබෙන හෙයින් එක් දුරකථන ඇමතුමක් සම්බන්ධව විශේෂ මතකයක් නොමැති බවද මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
කථානායක කරූ ජයසූරිය මහතා එවැනි දුරකථන ඇමතුමක්ලබා දී ඇත්නම් ඒ සම්බන්ධව සොයා බැලීමට ජනාධිපති ලේකම්වරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට තමා දන්වා සිටින්නට ඇති බවද සඳහන් කර තිබේ. එකල බන්ධනාගාරයට සිරකරුවන් බැලීමට ගිය අවස්ථාවකදී හිටපු පොලිස්පති අනුර සේනානායක මහතා හමුවූ බවත්, එහිදී ඔහු පවසා සිටියේ “ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම කියූ පමනින් සිරකරුවකුට නිදහස ලබා ගැනීමට හැකියාවක් ඇති බව යැයි ද එම ප්‍රකාශයේ සඳහන් යැයිද ගිරිහාගම මෙනවිය අධිකරණයට දැනුම් දුන්නාය.
COMMENTS