ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා සමාගම්හි සිදුවූ දූෂණ හා අක්‍රමිකතා සෙවීම සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිසමේ කාලය දිගු කිරීමට ජනපති මෛත්‍රීපාල සිර...
ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා සමාගම්හි සිදුවූ දූෂණ හා අක්‍රමිකතා සෙවීම සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිසමේ කාලය දිගු කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව සී/ස ශ්‍රි ලංකා එයාර් ලයින් ගුවන් සමාගම, සී/ස ශ්‍රි ලංකා කෙටරින් සමාගම සහ සී/ස මිහින් ලංකා (පුද්ගලික) සමාගම් සම්බන්ධයෙන් සිදු වුවා යැයි කියන අක්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය තවත් මාස 5කින් දිර්ඝ කිරීමට ජනාධිපතිවරයා විසින් නියෝග කර ගැසට් පතක් නිකුත් කර තිබේ.
2018 ජුලි 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබු කාලය 2018 දෙසැම්බර් මස 31 දක්වා මෙලෙස දීර්ඝ කර ඇත.
මෙම ජනාධිපති කොමිෂන් සභාව පිහිටුවනු ලැබුවේ 2018 ජනවාරි සම 31වනදායි.
ඒ 2006 ජනවාරි මස 31 සිට 2018 ජනවාරි මස 31 දක්වු කාලය තුල එම සමාගම්වල සිදු වු අක්‍රමිකතා විමර්ශනය කිරිමටය.
COMMENTS