වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට නැග විරෝධතාවයක නිරත වී සිටින කාන්තා රැදවියන් තවදුරටත් එම විරෝධතාවයේ නිරත වී සිටියි. බන්ධනාගාරය තුළ නිසි පහසුක...
වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට නැග විරෝධතාවයක නිරත වී සිටින කාන්තා රැදවියන් තවදුරටත් එම විරෝධතාවයේ නිරත වී සිටියි.
බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් ඊයේ (13) පෙරවරුවේ සිට කාන්තා දවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට නැග මෙම විරෝධතාවය ආරම්භ කළේය.
මත්කුඩු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මෙම කාන්තා රැදවියන් පිරිස ඊයේ රාත්‍රියේ ද වහලය මතට වී විරෝධතාවයේ නිරතව සිටි බව වාර්තා වේ.
ඔවුන් ඊයේ පෙරවරුවේ සිට වරින් වර වහලය මතට නැග මෙලෙස විරෝධතාවයේ නිරත වී සිටින අතර රැදවියන් විසි දෙනෙකු පමණ මෙම විරෝධතාවයට එක්ව සිටින බව සඳහන් වෙයි.
මේ අතර ඊයේ පස්වරුවේ මෙම විරෝධතාවයේ නිරතව සිටින රැදවියන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් රැදවියන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර සුළු තුවාල ලබා බන්ධනාගාර රෝහල තුළම ඔවුන් ප්‍රතිකාර ලබන බවයි.
COMMENTS