යාපනය කොටු පරිශ්‍රය හමුදාවට තහනම් කලාපයක් බවට පළ වන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ (01) යාපනයේදී පැ...
යාපනය කොටු පරිශ්‍රය හමුදාවට තහනම් කලාපයක් බවට පළ වන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ (01) යාපනයේදී පැවසීය.
යුදහමුදාපති වරයා ඊයේ දින යාපනය කොටුවේ සංචාරයක නිරත වීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.
පසුගියදා මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් රොහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයනට පිළිතුරු දෙමින් යුදහමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වු යුද හමුදාපතිවරයා
“මම හැමෝටම කියන්න කැමතියි ශ්‍රී ලංකා යුද හමුදාව මෙම ප්‍රදේශයන්හි කටයුතු කරන්නේ සැහෙන කාලයක ඉඳන් යාපනයේ කොටුව ඇතුළත යුද හමුදාව ඉන්න ප්‍රථම අවස්ථාව මෙයම නෙමෙයි.
ඉතින් වසර ගණනක ඉඳන් හමුදාව මෙහි හාටියා වගේම ඉදිරියටත් ඉන්න කටයුතු කරනවා. අපිට විශේෂ හේතුවක් නැහැ මෙතනින් පිටවෙලා යන්න.
කවුරුන් හෝ පුරවැසියෙක් හරි එහෙම නැත්නම් රජයේ ආයතනයක් හෝ මේ ස්ථානයට එනවානම් අපි සාදරයෙන් පිළිගන්නවා වගේම එයාලා එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න සුදානම්.“
‘මම කටුනායක සිට පලාලි එන අවස්ථාවේදී උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා මුණගැසී සාකච්ඡා කරන්න අවස්ථාව සලසගත්තා එහිදී අපි සාකච්ඡා වුනා පළමුව ආරක්ෂාව පිළිබඳවත් ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම් පිළිබඳවත් එම ඉඩම් කොතරම් ඉක්මනකින් ලබා දෙන්නේද යන්න පිළිබඳවත් යනුවෙනි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS