හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ මිහින්ලංකා ආයතනවල අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම ව...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ මිහින්ලංකා ආයතනවල අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත අද පෙරවරු 9.15 ට පමණ පැමිණියේය.
ඒ එම කොමිසම විසින් සිදුකරන ලද දැනුම්දීමක් අනුවය.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
“මිහින් ලංකා ගුවන් සේවාව ආරම්භ කලාම එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ මුලින්ම මම සේවය කළා ආරක්ෂක ලේකම් වරයාට අමතරව. සේවය කරන අවස්ථාවේදී මම කිසිම අමතර වේතනයක් හෝ වරප්‍රසාදයක් ලබා ගන්නේ නැතුව තමයි අමතර සේවාවන් සිද්ධ කළේ. එම ගුවන් සේවය ආරම්භ කිරීම සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව තමයි මම සාක්ෂියක් ලබා දුන්නේ. ඒක මගේ රාජකාරියක් නෙමෙයි ඒක රේඛීය අමාත්‍යාංශයේ රාජකාරියක්, එය කැබිනට් අනුමැතිය ලබාගැනීම. අධ්‍යක්ෂක මණ්ඩලයට මාව පත්කරලා එව්වම එතන ඉදලා රාජකාරී කිරීම තමයි මගේ යුතුකම.”
COMMENTS