මත්තල විකිණීම, රුපියල අවප්‍රමාණය වීම, මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩි වීම වැනි තමන්ට අවාසිදායක ප්‍රවෘත්ති යට ගැසීම සඳහා ආණ්ඩුව, ‘මරණ දඬුවම ක්...
මත්තල විකිණීම, රුපියල අවප්‍රමාණය වීම, මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩි වීම වැනි තමන්ට අවාසිදායක ප්‍රවෘත්ති යට ගැසීම සඳහා ආණ්ඩුව, ‘මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම, මැතිඇමති වැටුප් වැඩිවීම’ වැනි ‘ප්‍රවෘත්ති බුල්ටෝ’ නිර්මාණය කරමින් සිටින බවත් එවැනි ප්‍රවෘත්තිවලින් ජනාධිපතිවරයාට කාඞ්බෝඞ් වීරයකු වීමට හැකි වුවත් රටටත් ජනතාවටත් සත 05ක ප්‍රතිඵලයක් නොලැබෙන බැවින් එම ‘ප්‍රවෘත්ති බුල්ටෝ’ හැපීමෙන් වැළකී සිටින ලෙස ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අනතුරු අඟවයි.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මහතා මෙසේ ද මෙසේ ද පැවසීය.
‘මත්තල විකිණීම විකෘති ක්‍රියාදාමයක්’
මෙතෙක් ශ්‍රී ලංකාවට තිබූ ‘දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් නොමැති වීම’ කියන අඩුපාඩුව සම්පූර්ණ කරමින් මත්තල ගුවන්තොටුපළ ඉදිවූවා. එය අප රට සතුව තිබෙන ආර්ථික උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් ජාතික සම්පතක්. මත්තල ගුවන්තොටුපළ ඉදිවීමත් සමඟ ශ්‍රී ලංකාව සතු විශාල ගුවන් කලාපය හොඳින් ප්‍රයෝජනයට ගැනෙනවා. ඒ සමගම මත්තල ගුවන්තොටුපොළ හරහා ජාත්‍යන්තර ගුවන්ගමන් මාර්ග හතක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ ගුවන්ගමන් විශේෂඥයන් කටයුතු කොට තිබෙනවා. ඒ අනුව එම ගුවන්ගමන් මාර්ග ඔස්සේ ගමන් කරන ගුවන්යානා මගින් ශ්‍රී ලංකා ගුවන්තොටුපළ අධිකාරියට මාසිකව විශාල ආදායමක් ඉපයීමට හැකිව තිබෙනවා. එය ඉදිකිරීම සඳහා ගත් විදේශ ණය වාරික වශයෙන් ගෙවනු ලබන්නේ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ අධිකාරිය විසිනුයි. ඒ නිසා මහා භාණ්ඩාගාරයට කිසිදු බරක් පැටවී නැහැ. මත්තල ඉන්දියාවට විකුණා දමන්නේ ණය බර නිසා, කියා බ්‍රෝකර් අගමැති කියන කතාව සම්පූර්ණයෙන් බොරුවක්. මත්තල විකිණීම මේ විකෘති පාලක ජෝඩුවේ විකෘති ක්‍රියාදාමයක්.
ඉන්දියානු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා තමන්ගෙන් ලෝක් සභාවේ මන්ත්‍රීවරයකු ‘මත්තල ගුවන්තොටුපළ ඉන්දියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මිලදී ගන්නවා ද?’ කියා විමසූ විට දුන්නු උත්තරය ‘නැහැ’ යන්නයි. නමුත් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් කටයුතු භාර ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා නින්දෙන් ඇහැරිලා හිටපු වෙලාවක දුන් උත්තරය තමයි, ‘අපි මත්තල ගුවන්තොටුපළේ කොටස්වලින් සියයට හැත්තෑවක් ඉන්දියාවට සදාකාලිකවම ලබා දෙනවා. ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය වසර 40ක කාලයක් සඳහා ඉන්දියානු සමාගමකට බාර දෙනවා.’ යන්න. ඉන්දියානු සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා ඉහත උත්තරය දෙන්නේ සමහරවිට ලෝක් සභාවේ මන්ත්‍රීවරයා මගහැර යන්න වෙන්න ඇති, නැතිනම් මේ කාරණය නිශ්චිතව ශ්‍රී ලංකාවේ ජනතාව දැනගත්තාම ඇති වන නොසන්සුන්තාව තේරිලා වෙන්න ඇති. කොහොම වුණත් මේ දෙගොල්ලොම ඉන්දියාවේ ජනතාවටත් ලංකාවේ ජනතාවටත් කොළේ වහනවා. දෙරටේම ජනතාවට කොළේ වහලා ගහලා තමයි ඉන්දියාව සදාකාලිකව මත්තල ගුවන්තොටුපළ ඩැහැ ගැනීමට යන්නේ.
‘ද හින්දු පුවත්පතත් අප කියන දේ සනාථ කරලා‘
මත්තල ගුවන්තොටුපළ පමණක් නොවෙයි පලාලි ගුවන්තොටුපළ, කන්කසන්තුරේ වරාය, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ගාලු වරාය හා ත්‍රිකුණාමල වරාය යන මේ සියල්ලටම තමයි ඉන්දියාව දැල එළාගෙන සිටින්නේ. මත්තල මිලදී ගැනීමේ ඉන්දියානු රජයේ උත්සාහය ගැන ඉන්දියාවේ පළවන ‘ද හින්දු පුවත්පත’ මෙසේ වාර්තා කොට තිබෙනවා. ‘මත්තල ගුවන්තොටුපළ වාණිජමය පරමාර්ථයකින් මිලදී ගන්නවා යැයි සිතිය නොහැක. හම්බන්තොට වරාය චීනයට අනූනව අවුරුද්දකට බදු දී ඇති තත්ත්වයක් තුළ ඒ සමීපයේ පවතින මත්තල ගුවන්තොටුපළ තමන් අතට ගැනීමට ඉන්දියාව සැරසෙන්නේ එහි ඇති උපායමාර්ගික වැදගත්කම සලකා විය හැකි ය.’ අපි කියන්නෙත් ඒක. මේක ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බිල්ලට දෙන ගනුදෙනුවක්.
‘ඉන්දියාව නතර වෙන තැන‘
එක්කෙනෙක් මෝඩිගේ ඇඳුම ඇඳගෙන ඇවිත් මුළු රටම මෝඩයාට ඇන්දුවා. දැන් තව කෙනෙක් මෝඩිගේ ඇඳුම ඇඳගෙන රටම ගොනාට අන්දවන්න හදනවා. රටේ ආර්ථික මූලෝපාය වශයෙන් වැදගත් සම්පත් ඉන්දියාවට දෙන ගමන් මෙයාලා ‘ගතත් ’ ඉන්දියාවට දෙන්න හදන්නේ. කොයි විදිහට හරි ජනතාවට කොළේ වහලා මත්තල ඉන්දියාව ඩැහැගත්තොත් එතැනින් නතර වෙන්නේ නැහැ. ඉහත කී සියලු ආර්ථික මර්මස්ථාන ඩැහැගෙන ශ්‍රී ලංකාව, ඉන්දියාවේ කොලනියක් බවට කරගෙන තමයි එයාලා නතර වෙන්නෙ. එදා සිටම රතු අලි පැටියා, ‘මත්තල හුළං කේන්ද්‍රස්ථානයක්’ යැයි කියමින් අවලාද නැගුවේ එය නොවටිනා බව හඟවා විකුණා දැමීමට අවශ්‍ය වාතාවරණය හදන්නයි. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා, ‘මේ මූලෝපායික වශයෙන් වටිනා සම්පත් නොරටුන්ට ඩැහැගන්න නොදී එය වැළැක්වීම සඳහා දැවැන්ත විරෝධතාවකට අවතීර්ණ වන්න’ කියා.
දැන් මන්නාරමේ ධීවර පරික්ෂක කාර්යාලය වසා දමලා. එහි සේවය කළේ දමිළ නිලධාරීන් පිරිසක්. ඔවුන් එම කාර්යාලයේ යතුරු කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයට භාර දීලා තිබෙනවා. ධීවර බලපත්‍ර ලබාදීමේ ගැටලුවක් මුල්කර ගෙන පුනරුත්ථාපනයය වූ සහ පුනරුත්ථාපනය නොවූ එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග ඇවිත් ප්‍රචණ්ඩකාරීව හැසිරිලා එම කාර්යාලයේ දේපළවලට අලාභහානි කළාට පසුව තමයි එම කාර්යාලය වසා දමා ඇත්තේ. පොලිසිය බලා සිටියදී තමයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ මෙහෙයවීම මත මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාදාමය සිදු වුණේ. නමුත් මේ සම්බන්ධයෙන් අද වන තෙක් කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නැහැ. මෙහිදී දේශපාලනිකව යම් අයකුට අධෝවාතයක් ගියත් කෙලින් වන පොලිස්පති පූජිතගේ නීතිය එහිදී අප්‍රාණික යි. මන්නාරමේ සිවිල් ජනතාව මේ සිද්ධියෙන් පසුව කියන්නේ, ‘දැන් ආයෙමත් අපි එල්ටීටීඊ පාලනයක් යටතේ ඉන්නවා වගෙයි’ කියලා.
අසමානව සලකන නීතිය
මේ වන විට මේ පොලිස්පතිවරයාට විරුද්ධව, තවත් පොලිස් නිලධාරියකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට, අල්ලසක් ලබා ගැනීම පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. තමන්ට විරුද්ධව ඇති පැමිණිල්ලකට අදාළව පරීක්ෂණයක් සිදු වන විට මේ පොලිස්පතිවරයාට තම ධුරයෙහි කටයුතු කිරීමට සාධාරණ, යුක්තිසහගත අයිතියක් නැහැ. එහෙම බරපතළ චෝදනාවක් තිබෙන අයකු පොලිස්පති නිල ඇඳුම ඇඳගෙන මේ විදිහට නීතිය නමන්නේ කොහොම ද? දැන් මේ රටේ නීතිය පොලිස්පතිට, උතුරට එක විදිහක් - රටේ අනෙක් තැන්වලට තවත් විදිහක්. මෙසේ අසමානව සලකන නීතිය තමයි අද මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ.
‘එකම උපාධියකට අද දෙවිදිහකට සලකනවා‘
87 - 89 භීෂණ අවදියේ වුවත් විශ්වවිද්‍යාල වසා දැමුවේ සාධාරණ හේතුවක් ඇතිවයි. අද පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළුව විශ්වවිද්‍යාල තුනක් පමණ කිසිදු සාධාරණ හේතුවකින් තොරව වසා දමා තිබෙනවා. අනෙක් පැත්තෙන් අභ්‍යන්තර උපාධිය සහ බාහිර උපාධිය අතර භේදයක් හදමින් ‘උපාධිධාරීන්ට රැකියා දෙනවා’ කියා බොරු ඝෝෂාවක් කරමින්, අභ්‍යන්තර උපාධිධාරීන් සුළු පිරිසකට රැකියා ලබා දෙමින් සිටිනවා. බාහිර උපාධිධාරීන් හැදුනේ විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් සමත් වන සියලු උසස් පෙළ සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත්කර ගැනීමට රජයට නොහැකි නිසයි. ඒ සඳහා ප්‍රමාණවත් ඉඩකඩ විශ්වවිද්‍යාල තුළ නොමැති නිසයි. එකම උපාධියකට අද දෙවිදිහකට සලකනවා. මේක එක අතකින් බාහිර උපාධිධාරීන්ගේ සහ අනාගතයේ දී බාහිර උපාධියක් හැදෑරීමට බලාපොරොත්තු වන අයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. උපාධිධාරී දරුවන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කරන ආණ්ඩුවකට රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට හෝ ආර්ථිකයට කළ හැකි කිසිවක් නැහැ. අපි මේ ආණ්ඩුවේ එම ප්‍රතිපත්තිය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා.
මහින්ද රාජපක්ෂ පාලනය උපාධිධාරීන් ලක්ෂ එකහමාරකට රැකියා දුන්නේ සම්මුඛ පරීක්ෂණ තියලා, දේශපාලන පක්ෂ - පාට බලලා, බාහිර, අභ්‍යන්තර උපාධි භේද හදලා නොවෙයි. රැකියා විරහිත සියලු උපාධිධාරීන්ට ඒ වැඩපිළිවෙළ යටතේ රජයේ රැකියා ලැබුණා. ‘මේ වැඩබැරි ආණ්ඩුව දැන් සිදු කරන මේ වැරදි කටයුත්තට එරෙහිව නැගී සිටින්න’ කියා අපි සියලු සබුද්ධික ජනකොටස්වලින් ඉල්ලා සිටිනවා.
‘බාලිකා පාසල්වලටත් මත්ද්‍රව්‍ය ඇවිත්’
මේ ගෙවීගිය වසර තුන තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය 63%කින් ඉහළ ගොස් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස බාලිකා පාසල්වලටත් කුඩු ඇවිත් තිබෙනවා. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ මුරකරු රැකියාවට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් දාපු ගෝලයා මුරකරු කුටියේ සිට කුඩු විකුණද්දී තමයි පොලිසියට හසු වුණේ. වනජීවි ඇමැති ෆොන්සේකාගේ ගෝලයාගේ නිවස පොලීසිය විසින් පරික්ෂා කරන විට මත්ද්‍රව්‍ය තොගයක් හසු වුණා. මේ පිළිබඳව හෙළි කළ මාධ්‍යවේදීන්ට තර්ජනය කරන්න පවා ෆොන්සේකා ඇමතිවරයා කටයුතු කළා. විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය යාපනයේ දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා, ‘දේශපාලනඥයින් යාපනයෙ කුඩු බිස්නස් කරනවා. අපරාධ වැඩි වෙන්නේ කුඩු ගහන පිරිස වැඩි වන නිසා’ කියලා. දැන් ඉතා පැහැදිලියි, මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය දිනෙන්දින වැඩි වෙන්නේ මේ ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයන්ගේ පූර්ණ අනුග්‍රහය කුඩු ජාවාරම්කරුවන්ට ඉතා ඉහළින්ම ලැබෙන නිසයි. ඒ නිසා අපි මේ රටේ සියලු දෙමව්පියන් ඉල්ලනවා, ‘තමන්ගේ දූදරුවන් පිළිබඳව විශේෂ අවධානයෙන් ඉඳලා ඔවුන් මේ මත් උවදුරෙන් බේරාගන්න’ කියලා. මෙය සුළුකොට තකන්න එපා, අද ශ්‍රී ලංකාවේ පවුල් 50කින් එකක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවකු සිටිනවා. මේ තමයි ඇමති ගෝලයන්ගේ කෙරුවාව.
‘ජනාධිපතිගෙ ලනු ගිලින්න එපා‘
ආණ්ඩුව තමන්ට අවාසිදායක ප්‍රවෘත්ති යටපත් කිරීම සඳහා විවිධ ප්‍රවෘත්ති මවමින් සිටිනවා. උදාහරණයක් ලෙස රුපියල ශීඝ්‍රයෙන් කඩා වැටෙන එක වහන්න ජනාධිපතිවරයා, ‘මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා’ කියා ප්‍රවෘත්තියක් නිර්මාණය කළා. එවිට හැමෝම මරණ දඬුවම ගැන කතා කරන්න පටන් ගත්තා. පත්තරවල ඉඩ, රූපවාහිනියේ, ගුවන්විදුලියේ ගුවන්කාලය ඒ සඳහා වෙන් වුණා. නමුත් ක්‍රියාත්මක වන මරණ දඬුවමක් නම් නැහැ. ‘මම දීපු ලණුව මහජනතාව ගිල්ලා නේද?’ කියා හිතමින් ජනාධිපතිවරයා රෑ 10ට නින්දට යනවා.
‘කාඞ්බෝඞ් වීරයා‘
දැන් ඒ වගේ තවත් ලණුවක් දී තිබෙනවා. ඒ තමයි ‘මැති ඇමතිවරුන්ගේ වැටුප 215%කින් ඉහළ දමනු ලැබේ’ කියන ප්‍රවෘත්තිය. දැන් ආණ්ඩුවේ එක කොටසක් මේකට විරුද්ධයි. තවත් කොටසක් පක්ෂයි. ඒ සංවාදයට දැන් පත්තරවල, විද්‍යුත් මාධ්‍යවල ඉඩ වෙන් වෙනවා. ඔන්න දවසක් දෙකක් ගියාම ජනාධිපති කියනවා, ‘මම එක සත පහකින් මැතිඇමතිවරුන්ගේ පඩි වැඩි වෙන්න දෙන්නේ නැහැ’ කියලා. තමන්ගේ ආණ්ඩුවට වැරදි වැඩක් කරන්න දීලා පස්සේ ‘මම ඒක කරන්න දෙන්නේ නැහැ’ කියලා මිසක් වෙන මොනවා කරලා සිරිසේන මහත්තයා කාඞ්බෝඞ් වීරයකු වෙන්න ද? දැන් මේ ආණ්ඩුව සිරිසේන මහත්තයාට කාඞ්බෝඞ් වීරයාගේ චරිතයට පණ පෙවීම සඳහා ඉඩ හදන්න එක එක මාතෘකා නිර්මාණය කරමින් සිටිනවා. ‘වැඩි කරනවා’ කියන්නෙත් මේ ආණ්ඩුව, ‘සත පහක් වැඩි කරන්න දෙන්නෙ නැහැ’ කියන්නෙත් මේ ආණ්ඩුව. නඩුත් ආණ්ඩුවේ - බඩුත් ආණ්ඩුවේ.
මේවාට කියන්නේ ‘ප්‍රවෘත්ති බුල්ටෝ’ කියලා. දැන් සමහරු මේවා හපමින් කාලය ගත කරනවා. මේක හරියට සාජන්ට් නල්ලතම්බිට සිදු වුණු දේ වගේ. ඔබට මතක ඇති එදා සාජන්ට් නල්ලතම්බි චරිතයට පණ දුන් නිහාල් සිල්වාට වෙඩි තැබුවේ ආණ්ඩුවෙන්, ඒ වගේම රාජ්‍ය ගෞරව සහිතව ආදාහනය කළෙත් ආණ්ඩුවෙන්. මේ ආණ්ඩුවත් අද කරමින් ඉන්නේ එවැනි දෙයක්. මෙවැනි ආණ්ඩුවක් අපේ අම්මා මුත්තා කාලෙවත් දැකලා නැහැ.” යැයි විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS