කුරුණෑගල දිස්ත්‍රික්කයත් අනුරාධපුර දිස්ත්‍රික්කය මාතලේ දිස්ත්‍රික්ය මායිම් වෙන මීගලෑව වනජීවී කලාපයේ කහල්ල පල්ලෙකැලේ රක්ෂිත කදුලුගමුව ප්‍රද...
කුරුණෑගල දිස්ත්‍රික්කයත් අනුරාධපුර දිස්ත්‍රික්කය මාතලේ දිස්ත්‍රික්ය මායිම් වෙන මීගලෑව වනජීවී කලාපයේ කහල්ල පල්ලෙකැලේ රක්ෂිත කදුලුගමුව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් වනාන්තරය යන්ත්‍ර සුත්‍ර දමා ඩෝසර් කොට රජයේ ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු පවසති.
එම ප්‍රදේශයේ වනජීවී නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට මෙම රජය සතු ඉඩම් හෙළි පෙහෙළි කරමින් විනාස කරන බවට දැනුම් දුන්න ද කිසිදු පලක් නොවීම නිසා ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් වෙත ප්‍රදේශවාසීහු ලබා දුන් තොරතුරක් මත කදුලුගමුව ප්‍රදේශයේ කහල්ල පල්ලේකැලේ රක්ෂිතය තුළ මහා වනාන්තරය විනාශ කරමින් සිටී පුද්ගලයෙකු සහ ඩෝසර් රථයක් සැකපිට අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම වනජීවී නිලධාරීහු සමත් වෙති.
ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වනජීවී අඩවි සහකාර ඩී . රාමසිංහ මහතාට ලැබුණු දුරකථන ඇමතුමක් ඔස්සේ වනජීවී නිලධාරීහු කණ්ඩායමක් එම ස්ථානයට යන විටත් බුල්ඩෝසරයක් දමා භයභූමියේ තිබුණු වටිනා ගස් කොළන් රැසක් විනාශ කරමින් විශාල භූමි ප්‍රමාණයක් හෙළිපෙහෙළි කොට ඇතැයි රාමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රජයේ රක්ෂිතයට ඇතුළු ව සිදුකළ මහා අනර්ථය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරි බවත් වනාන්තරය විනාශ කිරීම සඳහා යොදාගත් ඩෝසර් රතය වනජීවී නිලධාරීන්ගේ භාරයට ගත් බව රාමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම මහා පරිමාණ ඉඩම් ජාවාරම පිළිබඳ පිටුපස ප්‍රදේශයේ ප්‍රබල රජයේ නිලධාරීන් රැසක් සිටින බව ප්‍රදේශවාසීහු පවසති. එමෙන්ම හේරත්ගම මීගලෑව හ විවිධ ප්‍රදේශවල වනජීවි නිලධාරියෙකු ලෙස සේවය කොට පසුව මේ වන විට විශ්‍රාම ලබා සිටින නිලධාරියකු මෙම සිද්ධිය වසන් කිරීම සඳහා වර්තමාන සේවයෙන් යුතු ඉහළ වනජීවී නිලධාරීන්ට කතාකර මින් ඉල්ලීම් සිදුකොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් පැවසේ.
මෙම ඉඩම සඳහා තම හිතවතෙකුට ඉඩම් හිමිකමක් ඇති බව පවසමින් හෙතෙම එම මෙම ඩෝසර් රථය මුදා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වන බව ද තොරතුරු වාර්තා විණි. කෙසේවෙතත් ඒ පිළිබඳව අප ගල්කිරියාගම වනජීවී අඩවි සහකාර ඩී . රාමසිංහ මහතාගෙන් විමසීමේදී කියා සිටියේ කවුරුන් තමන්ට කතා කළ ද නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන බව ය.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
COMMENTS