දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාබද්ධයට අද තීරණාත්මකයි : මැති - ඇමැති පිරිසක් විපක්ෂයට?
Homeගොසිප්

ඒකාබද්ධයට අද තීරණාත්මකයි : මැති - ඇමැති පිරිසක් විපක්ෂයට?

PropellerAds

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 69 දෙනා පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද (14) දින හිටපු ජනාධ...

ශ්‍රිලනිප 16ට එරෙහි විශ්වාසභංගයට එජපෙ සහාය
විශ්වාසභංග දවසේ මහින්ද - චතුර හමුවෙයි.
'එස්.බී - තිලංග ඇතුළු පිරිස අවසන් මොහොතේ ගේමක් ගැහුවා' - සොයිසා.



ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 69 දෙනා පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද (14) දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පවරා දීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන විය යුතු බවට තර්කයක් ඉදිරිපත් වීම නිසා මෙවැනි තීරණයක් ගැන අවධානය යොමු කිරීමට තීරණය කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ විට ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර යම් අවදානමකට පත්වීමේ අවස්ථාවක් දේශපාලන විරුද්ධවාදීන් ඇති කළද රටේ පොදු මහජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඕනෑම දෙයක් පරිත්‍යාග කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලුම දෙනා සූදානම් බවද ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා පැවසී ය.

ස්වාධීන වුණොත් විපක්ෂ නායකකම ස්ථිරයි

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වුවහොත් ඔවුන්ට විපක්ෂ නායක ධුරය අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බවයි.

එසේ වුවහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා විසින් ස්වාධීන වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රි ධුර අහෝසි කිරීමේ ඉඩ ප්‍රස්තාවක් තිබුණද අවම වශයෙන් ඒ සඳහා වසර 2ක පමණ කාලයක්වත් නඩුව විභාග වීම හේතුවෙන් ඒ අතරතුර මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන නිසා එය එතරම් ගැටලුවක් නොවන බවද හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන සැලකූ විට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයට ලබාදීම කිසිසේත්ම පිළිගත නොහැකි බවද ප්‍රතිභා මහනාම හේවා මහතා අවධාරණය කරයි.

ආණ්ඩුවේ පිරිසක් විපක්ෂයට

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළේ රජය ගැන කලකිරුණු මන්ත්‍රීවරු දහයක් පහළොවක් විපක්ෂයට එක් වීමට මේ දිනවල සාකච්ඡා කරන බව යි.

විපක්ෂයට එක්වීමට තමා සමගත් මන්ත්‍රීවරුන් සිවු දෙනකු සාකච්ඡා කළ බවත් මේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුට ආණ්ඩුවේ වැඩ පිළිවෙළ ගැන ලොකු කලකිරීමක් තිබෙන බව ඔවුන්ගේ කතා වලින් පැහැදිලි වන්නේ යැයිද මන්ත්‍රීවරයා පැවසී ය.

අය-වැය වැනි තීරණාත්මක අවස්ථාවලදී ඒ මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් එලියට ඒවි යැයි විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාබද්ධයට අද තීරණාත්මකයි : මැති - ඇමැති පිරිසක් විපක්ෂයට?
ඒකාබද්ධයට අද තීරණාත්මකයි : මැති - ඇමැති පිරිසක් විපක්ෂයට?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAf_jm5LrGAmXOcwIu6FPBaFdjcjKLiqVB-mhir-poVjMWGpjuj_1DH8mYb5BP219U4xshBS7L9ZYynyots8qqmyq8ig5BzJSu-2C2hkmDBDwAKwDNo2IHf3d63whR52PIwt9COugp6OCG/s1600/22-Mahinda-Rajapakse-afp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAf_jm5LrGAmXOcwIu6FPBaFdjcjKLiqVB-mhir-poVjMWGpjuj_1DH8mYb5BP219U4xshBS7L9ZYynyots8qqmyq8ig5BzJSu-2C2hkmDBDwAKwDNo2IHf3d63whR52PIwt9COugp6OCG/s72-c/22-Mahinda-Rajapakse-afp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_333.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_333.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy