ගාලු මුවදොර පිටියේ අද පැවැත්වෙන උත්සවයක් හේතුවෙන් පෙ.ව. 8.00 සිට රාත්‍රී 8.00ද දක්වා එහි වාහන ගමනය සම්පූර්ණයෙන් සීමා කරන බව පොලීසිය පවසයි....
ගාලු මුවදොර පිටියේ අද පැවැත්වෙන උත්සවයක් හේතුවෙන් පෙ.ව. 8.00 සිට රාත්‍රී 8.00ද දක්වා එහි වාහන ගමනය සම්පූර්ණයෙන් සීමා කරන බව පොලීසිය පවසයි.
ඒ අනුව කොළඹින් පිටවන වාහන සෙරමික් හංදිය, ශ්‍රීමත් චිත්තප්පලම් ඒ ගාඩ්නර් මාවත, කුමාරන් රත්නම් පාර, ජස්ටික් අක්බාර් මාවත ඔස්සේ ගාලු මුවදොර වටරවුම දෙසට හෝ ජේමිස් පීරිස් මාවත ඔස්සේ පිත්තල හංදිය, පුස්තකාල, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම අසළින් ආර්. ඒ ද මෙල් මාවතට හෝ ශාන්ත මයිකල් මාවතට ගමන් කිරීමෙන් ගාලු පාරට ගමන් කළ හැක.
කොළඹට ඇතුළුවන වාහන කොල්ලුපිටිය හංදියෙන් හා ගාලු මුවදොර වටරවුම අසලින් කොම්පඤ්ඤවීදිය ඔස්සේ පිවිසිය හැකි බව පොලීසිය සඳහන් කරයි.
මෙලෙස කොළඹ ගාලු මුවදොර පිටිය අසල මාර්ගයේ වාහන ගමනය සම්පූර්ණයෙන් නැවැත්වීමට කටයුතු කර ඇත්තේ දෙරණ මාධ්‍ය ආයතනය සංවිධානය කරන සරුංගල් සැණකෙලිය හේතුවෙනි.
පස්වරු 1.00ට සැණකෙලිය ආරම්භ වීමට නියමිතය.
COMMENTS