චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහා පත්කර තිබෙන රැගුම් පාලක මණ්ඩලය මෙන්ම ටෙලි නාට්‍ය සඳහාද රැගුම් පාලක මණ්ඩලයක් පත්කරන්නැයි කලාකරුවන් පිරිසක ...
චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහා පත්කර තිබෙන රැගුම් පාලක මණ්ඩලය මෙන්ම ටෙලි නාට්‍ය සඳහාද රැගුම් පාලක මණ්ඩලයක් පත්කරන්නැයි කලාකරුවන් පිරිසක ගෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් දිවයිනේ කලා සංවිධාන සමග සාකච්ජා කරන බවත් සංස්කෘතික සහ උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය.
කිසිම හරයක් නැති ඇතැම් ටෙලි නාට්‍ය දැන් රූපවාහිනී නාලිකාවල විකාශය කරන බවද මුදල් උපයා ගැනීමේ අරමුණින් සිදු කරන මෙම ටෙලිනාට්‍ය ප්‍රදර්ශනයෙන් සමාජයට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවද ඇමැතිවරයා සඳහන් කළේය.
''අසභ්‍ය ප්‍රකාශන පනත බලපාන්නේ මුද්‍රිත මාධ්‍ය සඳහා පමණක් බවත් විද්‍යුත් නාලිකා එම පනතින් ආවරණය නොවන බවත් පවසන ඇමතිවරයා, මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවද කියා සිටියේය.
මෑතකදී කොළඹ පිහිටි රඟහලක වේදිකාගත කිරීමට නියමිතව තිබූ වේදිකා නාට්‍යයක්‌ද මහ සංඝරත්නයේ ඉල්ලීම මත තහනම් කළ බවද ඇමැතිවරයා පැවසීය.
COMMENTS