ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ගෙන්වනු ලැබූ නවතම හා අවසන් A321 ගු...
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ගෙන්වනු ලැබූ නවතම හා අවසන් A321 ගුවන් යානාව ජූලි මස 29 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සම්ප්‍රාප්ත විය. 2018 ජූලි මස 29 දින හැම්බර්ග් නුවර සිට අබුඩාබි හරහා මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට ලඟා විය.
මෙම ගුවන් යානයේ සම්ප්‍රාප්තියත් සමගින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඇණිය එයාර්බස් නියෝ ගුවන් යානා හයක් ඇතුළු ගුවන් යානා 27 කින් සමන්විත වනු ඇත.
COMMENTS