බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින් මුදල් වෙන්කරමින් විදේශයන්ගෙන් පුටු ආනයනය කිරීමට තීරණ...
බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින් මුදල් වෙන්කරමින් විදේශයන්ගෙන් පුටු ආනයනය කිරීමට තීරණයක් ගෙන ඇති බැවින් වහාම ඊට මැදිහත්වන්නැයි ද ඉල්ලමින් ජවිපෙ පළාත් සභා මන්ත්‍රි ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමුකර ඇත.
ඒ අනුව බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ සභා ශාලාවේ මන්ත්‍රීවරු 104 දෙනෙකු වෙනුවෙන් සවි කිරීමට සූදානම් වන පුටු සඳහා එක් පුටුවකට රුපියල් හයලක්ෂ පනස් දාහක (රු. 650,000) මුදලක් වැය කරමින් ඇනවුම් කිරීමට කටයුතු කර ඇති බව ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා අනාවරණය කරයි.
මේ වනවිට මෙම පුටු විදේශ රටකින් ගෙන්වීම සඳහා ඇණවුම් භාරදී ඇති බවටද කරුණු අනාවරණය වන්නේ යැයිද තමන්ට මේ බව අනාවරණය කර ගත හැකි වූයේ ඊයේ (08) පැවති බස්නාහිර පළාත්සභා කටයුතු කාරක සභාවේදි සිදුවූ සාකච්ඡාවකදී බවද ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සඳහන් කරයි.
නව ගොඩනැගිල්ලක් තුළ පළාත් සභාවේ සියළු ආයතන එක් ස්ථානයකට ගෙන ඒමට කටයුතු කිරීම යහපත් දෙයක් වන නමුත්, මන්ත්‍රී පුටුවකට පමණක් මෙවැනි මිලක් වැය කිරීම කාගෙත් පුදුමයට හා ප්‍රායෝගික වශයෙන් විශ්වාස කළ නොහැකි කාරණයක් බවද ලක්ෂමන් නිපුණආරච්චි මහතා අවධාරණය කරයි.
මෙවැනි තත්වක් පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ලෙසත් අනුමත නොකරන බවත් මෙම පුටු ගෙන්වීම අත්හිටුවීමට වහාම මැදිහත්වන ලෙසත් මන්ත්‍රීවරයා ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියි.
එම ලිපිය පහතින්,
COMMENTS