දීර්ඝකාලයක් පුරා පැවති යුද්ධයෙන් පසුබෑමට ලක්වූ උතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ජනාධිපති මෛතී‍්‍රප...
දීර්ඝකාලයක් පුරා පැවති යුද්ධයෙන් පසුබෑමට ලක්වූ උතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය පෙරේදා (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පළමු වරට රැස්විය.
මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ එම සංවර්ධන වැඩපිළිවෙළ විධිමත් සහ කාර්යක්ෂම කරමින් ජනතාවට කඩිනම් ප‍්‍රතිලාභ ලබාදිය යුතු බවයි.
උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතය ගොඩනැංවිමට සහ එහි යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජය පසුගිය වසර තුන හමාර තුළ පුළුල් වැඩකොටසක් ඉටුකළ ද ඒ පිළිබඳ ජනතාවට ප‍්‍රමාණවත් අවබෝධයක් ලැබී නොමැති බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම එම පළාත්වල ජනතාව අතර ජාතික සංහිඳියාව සහ සහජීවනය ගොඩනැංවීමට රජය ගෙන ගිය වැඩපිළිවෙළේ සාර්ථක ප‍්‍රතිඵල ලැබී ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
වසර 26 ක යුද්ධයෙන් උතුරු නැගෙනහිර පළාත්වල අඩාල වූ සංවර්ධනය සහ පසුබෑමට ලක්වූ ජන ජීවිත යළි ගොඩනංවමින් දිවයිනේ අනෙක් පළාත්වල පවතින සංවර්ධනය එම පළාත් දෙක සඳහා ද ලබාදීමට රජය ප‍්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
2018 ජූනි 05 වන දින විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා විසින් මෙම කාර්ය සාධක බලකාය පත් කරන ලදී. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතායි.
එම කාර්ය සාධක බලකායේ සාමාජිකයෙක් ලෙස අගමැතිවරයා ද කටයුතු කරයි. තවත් කැබිනට් අමාත්‍යවරු 15 දෙනෙක්, පළාතේ දෙකේ ආණ්ඩුකාරවරු හා පළාත් ප‍්‍රධාන අමාත්‍යවරු දෙදෙනා, අමාත්‍යාංශ කිහිපයක් ලේකම්වරු සහ ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානින්ගෙන් එම කාර්ය සාධක බලකාය සමන්විතය.
මෙම කාර්ය සාධක බලකාය විසින් උතුරු හා නැගෙනහිර පළාත්වල කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ සොයා බලන අතර, තවදුරටත් කි‍්‍රයාත්මක කළයුතු නව ව්‍යාපෘති සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම සිදුකරයි. ප‍්‍රමුඛ අවශ්‍යතාව පිළිබඳ සලකා බලමින් එම ක්ෂේත‍්‍ර සහ පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් නව සංවර්ධන වැඩපිළිවෙළ කි‍්‍රයාත්මකය.
මේ යටතේ උතුරු නැගෙනහිර පළාත් තුළ නව සංවර්ධන කටයුතු රැසක් මේ වන විට හඳුනාගෙන තිබෙන අතර, ඉන් බොහොමයක් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය. උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් නිවාස 50,000 ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ නිවාස 25,000ක ඉදිකිරීම් මෙම අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර, තවත් නිවාස 10,000 ක ඉදිකිරීම් 2019 ජනවාරි මාසයේදී ආරම්භ කෙරෙනු ඇත.
පළාත් දෙකෙහි මාර්ග කි.මි 1847ක් පමණ සංවර්ධනය කිරීමට නියමිතව තිබේ. යාපනය, මයිලිටි ධීවර වරායේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇත. එමෙන්ම පළාත් දෙකෙහි ග‍්‍රාමීය මාර්ග, පානීය ජලය, වාරිමාර්ග, කෘෂිකාර්මික, ආර්ථික මධ්‍යස්ථාන, පාසල්, රෝහල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන ඇතුළු සියලු යටිතල පහසුකම්වල ද පුළුල් සංවර්ධනයක් ඇති කිරීමට සැලසුම් කර තිබේ.
ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ද පුළුල් වැඩසටහනක් කි‍්‍රයාත්මක අතර අම්පාර සීනි කර්මාන්තශාලාව යළි ස්ථාපිත කිරීම, මඩකලපුව කඩදාසි කම්හල සහ මඩකලපුව සහල් කර්මාන්ත ශාලාව යළි ඇති කිරීම ඇතුළු කර්මාන්ත ක්ෂේත‍්‍රයේ පුනරුදය වෙනුවෙන් ව්‍යාපෘති 20 කට වැඩි ප‍්‍රමාණයක් කි‍්‍රයාවට නැංවීමට නියමිතය.
කඩිනමින් කි‍්‍රයාත්මකවන මෙම සංවර්ධන ව්‍යාපෘති මගින් එම පළාත් දෙකෙහි ජනතාවගේ ජන ජීවිත වඩා වේගයෙන් නව පරිවර්තනයකට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බැසිල්ගේ උතුරු වසන්තේ
කෙසේ වෙතත් පසුගිය රාජපක්ෂ රජය සමයේදී යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කෙරිණි.
ඒ අනුව ‘උතුරු වසන්තය’ සහ ‘නැගෙනහිර නවෝදය‘ නමින් රජය සංවර්ධන ක්‍රියාදාමයක් දියත් කළ අතර එහි වගකීම සහ මූලිකත්වය ගෙන කටයුතු කළේ එවකට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාය.
උතුරු පළාත් නැවත පදිංචි කිරීම්, සංවර්ධනය සහ ආරක්ෂාව සැලසීම සඳහා ඉදිරි පියවර ගැනීමට විශේෂ කාර්ය සාධක බලකාය එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කර තිබිණි.
COMMENTS