දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය සමිති අගෝස්තු මස 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ. ස...
දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය සමිති අගෝස්තු මස 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ.
සිය වැටුප් ගැටළුවට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම වර්ජනය දියත් කරන බව ඔවුන් ප්‍රකාශ කළේය.
දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) පැවැත්විණි.
එම සාකච්ඡාව අසාර්ථක වූ බව සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළේය.
COMMENTS