දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“අග්‍රහාර” වෛද්‍ය රක්ෂණාවරණය 2016 වසරට පෙර විශ්‍රාම ලැබූවන්ටත්
Homeප්‍රවෘත්ති

“අග්‍රහාර” වෛද්‍ය රක්ෂණාවරණය 2016 වසරට පෙර විශ්‍රාම ලැබූවන්ටත්

PropellerAds

අග්‍රහාර වෛද්‍ය රක්ෂණාවරණය දැනට 2016 වසරින් පසු විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන් සඳහා ක්‍රියාත්මක වන අතර 2016 වසරට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය සේ...

මුදල් ඇමතිගේ සාකච්ඡාවෙන් පසු ගැමුණු බස් වර්ජනය අත්හිටුවයි
'ආචාර ධර්මවලට පටහැනියි' - දුමින්ද හමුවීමට විනිසුරුවරියක් සිරගෙට යයි
හෙට පෞද්ගලික බස් වර්ජනය ස්ථීරයි
“අග්‍රහාර” වෛද්‍ය රක්ෂණාවරණය 2016 වසරට පෙර විශ්‍රාම ලැබූවන්ටත්

අග්‍රහාර වෛද්‍ය රක්ෂණාවරණය දැනට 2016 වසරින් පසු විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන් සඳහා ක්‍රියාත්මක වන අතර 2016 වසරට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකන් සඳහා මෙම වෛද්‍ය රක්ෂණාවරණය ලබාදීමට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මුල්වී ක්‍රියාකරමින් සිටියි.

මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා 2018 වසරේ අයවැය යෝජනා මගින් රුපියල් මිලියන පනහක මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත. මෙම වැඩසටහ පිලිබඳ සාකච්ජාවක් ඊයේ (31) අරලියගහ මන්දිරයේදී අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අග්‍රහාර රක්ෂණාවරණය ලබාගැනීම සඳහා ප්‍රතිලාභීන් ලබාදිය යුතු දායකත්ව මුදල පිලිබඳ සහ රක්ෂණාවරණය මගින් ඔවුන්ට සැලසෙන සහන පිළිබඳව වැඩිදුරටත් සාකච්ජා කරනු ලැබීය. තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ජාතික රක්ෂණ භාර අරමුදල, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.

2016 වසරට පෙර විශ්‍රාම ලැබූවන් සඳහා ගෙවනු ලබන මෙම රක්ෂණ වැඩසටහන මගින් රක්ෂණ ලාභීන් සඳහා වාසි රැසක් ඇතුලත්ව ඇති අතර එය සෙසු රක්ෂණ ක්‍රම වලට වඩා සුවිශේෂී මෙන්ම විශ්‍රාමිකයන්ට වාසිදායක ක්‍රමයක්ද වනු ඇත. එනම් සියලු වෛද්‍ය අවශ්‍යතා සඳහා රක්ෂණ මුදල් ලබාදීමත් වයස් සිමවකින් තොරව ජීවිතාන්තය දක්වාම රක්ෂණ ප්‍රතිලාභ ලැබීමට උරුමකම් කීමත් මගින් මෙය සුවිශේෂී වෙයි.

ඒ අනුව පෞද්ගලික රෝහල් මගින් ප්‍රතිකාර ගැනීමටත් ඊට අදාළ වෛද්‍ය පරීක්ෂණ සහ ගෙවීම් සඳහා මෙමගින් ප්‍රතිලාභ හිමිකරදිමටත් යෝජනාකර ඇත. එසේම නිවසේදී හෝ රජය අනුමැතිය සහිත පුද්ගලික ආයුර්වේද රෝහල්වල නේවාසිකව රැඳී සිටිමින් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සහ රජයේ රෝහලකින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේදීද මෙම ප්‍රතිලාභ හිමිවනු ඇත.

එමෙන්ම හර්ද සැත්කම් පුද්ගලික රෝහල් මගින් සිදුකිරීමේදී, පිළිකා රෝගී තත්වයන්ට මෙන්ම වකුගඩු, අක්මාව සහ මොලය ආශ්‍රිත සැත්කම් සඳහාද මෙමගින් රක්ෂණාවරණය හිමිවනු ඇත. ශ්‍රවනාධාර ලබාගැනීම, අක්ෂි ශල්‍ය කාර්ම සඳහා මෙන්ම සදාකාලිකව සිදුවන පූර්ණ ආබාදිත තත්වයකදී මෙන්ම හදිසි අනතුරකදී හෝ ස්වභාවිකව සිදුවන මරණයක් ඇතුළු අවස්ථා රැසකදීම පුළුල් රක්ෂණාවරණයක් මෙමගින් හිමිවනු ඇත.

මේ පිලිබඳ අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් සාකච්ජාවේදී විශ්‍රාමික සංගම් නියෝජිතයන් වෙත පැහැදිලි කර දෙනු ලැබූ අතර එහිදී ඉතා සුබවාදී ප්‍රතිචාරයක් දැක්වූ එම නියෝජිතයන් ඔවුන්ගේ අදහස් හා යෝජනා මේ වැඩසටහන සඳහා එක්කිරීමට කටයුතු කළේය.
අමාත්‍යවරයාද ඔවුන්ගේ අදහස් වෙත අවදානය යොමුකරමින් කියා සිටියේ සාධනීය යෝජනා ලබාගනිමින් විශ්‍රාමික ප්‍රජාවේ සුබ සෙත උදෙසා මෙම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම තමාගේ අරමුණ බවයි.

මෙම අග්‍රහාර රක්ෂණ ක්‍රමය රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් චක්‍රලේඛ අංක 5/1997 මගින් හදුන්වා දෙන ලදී. 2006 ජනවාරි පළමු වෙනි දින සිට බලපැවැත්වන පරිදි මෙම රක්ෂණ ක්‍රමය ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ පවතී. මෙම අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ මූලික අරමුණ වනුයේ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම නිලධාරීන් සහ එම පවුල් වල සාමාජිකයන්ගේ ජීවන තත්වය නගා සිටුවීමයි. ජාතික රක්ෂණ භාර අරමුදල මගින් රාජ්‍ය සේවයේ පිරිස් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් සඳහා අග්‍රහාර රක්ෂණය සපයනු ලබන අතර මෙමගින් සියලුම වෛද්‍ය අවශ්‍යතා, හදිසි අනතුරු සහ මරණ සඳහා හිමිකම් ගෙවනු ලැබේ. 2016 වසරට පෙර විශ්‍රාම ලැබූවන් ලක්ෂ හයකට අධික පිරිසකට මෙමගින් සෙත සැලසෙනු ඇත.

අමාත්‍ය සගාල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ජාව සඳහා තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ ආයතන අධ්‍යක්ෂ සහ ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විශ්‍රාමික සංගම් නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “අග්‍රහාර” වෛද්‍ය රක්ෂණාවරණය 2016 වසරට පෙර විශ්‍රාම ලැබූවන්ටත්
“අග්‍රහාර” වෛද්‍ය රක්ෂණාවරණය 2016 වසරට පෙර විශ්‍රාම ලැබූවන්ටත්
http://am.lk/media/k2/items/cache/b6f648d456514eae0f799e0a5d6361c3_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/2016.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/2016.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy