දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර්ලිමේන්තුව විසුරුවූ නියෝගය වෙනස් කරන්න ජනාධිපතිට බැහැ - අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි
Homeප්‍රවෘත්ති

පාර්ලිමේන්තුව විසුරුවූ නියෝගය වෙනස් කරන්න ජනාධිපතිට බැහැ - අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

PropellerAds

ජ නාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණය පැවැත්වීමට දින වකවානු නියම කර නියෝගයක් නිකුත් කළාට පසුව එම නියෝගය වෙනස් කිරීම හෝ අ...

ජාතික සංවිධානතුළට රූමත් කාන්තාවක් රිංගවීමේ බැසිල්ගේ උත්සාහයක් හෙළිදරව් වෙයි
මනෝ උපදේශකවරිය ඝාතනය කෙරූ ඝාතකයාගේ ආන්දෝලනාත්මක ලිපියක් එළියට!
චැනල් 4 ප්‍රවෘත්තිය පාර්ලිමේන්තුව උණුසුම් කරයි – මනූෂගෙන් ප්‍රකාශයක් (VIDEO)
නාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණය පැවැත්වීමට දින වකවානු නියම කර නියෝගයක් නිකුත් කළාට පසුව එම නියෝගය වෙනස් කිරීම හෝ අස්කර ගැනීම කළ නොහැකි බවත් ඒ සඳහා ඔහුට ව්‍යවස්ථාවෙන් බලය පැවරී නැති බවත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඊයේ (1 වැනිදා) සඳහන් කළේය.
අගවිනිසුරුවරයා ඊ​​යේ (1 වැනිදා) එම අදහස පළ කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාග කරන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම්කරුවන් කීපදෙනකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා කරුණු ඉදිරිපත් කරමින් සිටියදීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති නියෝග කළාට පසුව මැතිවරණ පැවැත්වීමේ සම්පූර්ණ ක්‍රියාවලිය සිදුවන්නේ මැතිවරණ කොමිසම යටතේ බවත් කිසියම් හේතුවක් නිසා මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් වෙනස් කරුණු ලැබුවහොත් කොමිසම ගත් එම තීරණයට මැදිහත් වීමටත් ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවැරී නැති බවත් අගවිනිසුරුවරයා මෙහිදී පෙන්නා දුන්නේය.

ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා, දිගින් දිගටම කියා සිටියේ ජනාධිපති නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මාස 3ක් ඇතුළත මැතිවරණය පැවැත්වීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවයි.

කවර හේතුවක් උඩ හෝ එසේ කිරීමට නොහැකි වුණා නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති නිකුත් කළ නියෝගය අවලංගු වන බවත් මැතිවරණය කල්දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැති බවත් ඔහු කීය.

මාස 3ක් ඇතුළත මැතිවරණය පැවැත්වීමට නොහැකි වූවා නම් ජනාධිපති නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු වන බැවින් ඔහු විසින් කළ යුතුව තිබුණේ අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් පැවැසීය.

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තුව විසුරුවූ නියෝගය වෙනස් කරන්න ජනාධිපතිට බැහැ - අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි
පාර්ලිමේන්තුව විසුරුවූ නියෝගය වෙනස් කරන්න ජනාධිපතිට බැහැ - අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUn7uJKkMF3gya-KSmAo0kH-z5W5vP_6bnqb-92EIJMz5FcIIrdUeWrp0fJ9bjqCaI23Icl-PSR6pniHpvqKAxVr6akwGWHGrD7X58LP5a1Xpcx25MvEyTV5h0QUK66xRbmC7hMZwQuu0/s320/cj-jayantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUn7uJKkMF3gya-KSmAo0kH-z5W5vP_6bnqb-92EIJMz5FcIIrdUeWrp0fJ9bjqCaI23Icl-PSR6pniHpvqKAxVr6akwGWHGrD7X58LP5a1Xpcx25MvEyTV5h0QUK66xRbmC7hMZwQuu0/s72-c/cj-jayantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_98.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_98.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy