දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහනගරයෙන් යෝධ ව්‍යාපෘති 20ක්, කුඩා නගර සංවර්ධන 206 ක් සහ සංවර්ධන ව්‍යාපෘති 1500 ක්.
Homeගොසිප්

මහනගරයෙන් යෝධ ව්‍යාපෘති 20ක්, කුඩා නගර සංවර්ධන 206 ක් සහ සංවර්ධන ව්‍යාපෘති 1500 ක්.

PropellerAds

මහනගර සංවර්ධන අමාත්‍යාංශයෙන් රටපුරා යෝධ සංවර්ධන ව්‍යාපෘති 20ක්, කුඩා නගර සංවර්ධන 206 ක් සහ සංවර්ධන ව්‍යාපෘති 1500 ක් දියත් කර තිබෙන බව  ම...

හම්බන්තොට තරුණයා සැඟව සිටි බව නිවැසියන් මුලසිටම දැනගෙනත් බොරුවට රඟපාලා
Gossip Lanka Events
මහින්දානන්දගේ ඉඩම් ලැයිස්තුව - Update

මහනගර සංවර්ධන අමාත්‍යාංශයෙන් රටපුරා යෝධ සංවර්ධන ව්‍යාපෘති 20ක්, කුඩා නගර සංවර්ධන 206 ක් සහ සංවර්ධන ව්‍යාපෘති 1500 ක් දියත් කර තිබෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ බොරලැස්ගමුව වැව සංවර්ධනය ආරම්භ කිරීමේ අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. නාගරික මන්ත‍්‍රී ධනුෂ්ක රාමනායක මහතාගේ සම්බන්ධිකරණයෙන්, රුපියල් මිලියන 321 ක ආයෝජනයකින් වැව සංවර්ධනය වන අතර ඇවිදින මංතීරුව, භූමි අලංකරණය, විදී ලාම්පු පද්ධතිය, නිරීක්‍ෂණ පියස, කි.මි. 2.4 ක් වටා ගල් වැටිය බැඳීම, වැව් කණ්ඩිය ප‍්‍රවේශ මග පුළුල් කිරීම, කාණු පද්ධතිය විධිමත් කිරීම මේ යටතේ සිදු කෙරේ. නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ව්‍යාපෘතිය කි‍්‍රයාවට නංවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘‘අපි මේ වැවේ නිරීක්‍ෂණ චාරිකාවක නියැලිලා වැව සංවර්ධනයේ පළවෙනි පියවර ලෙස වැවේ පිරී තිබූ පෙඳ පාසී ඉවත් කළා. නමුත් දැන් අපට පෙනී යනවා ප්ලාස්ටික් බෝතල්, නොයෙකුත් අපවිත‍්‍ර දේවල් මෙම ඇල මාර්ගවලට එකතු වෙලා තිබෙනවා. දෙවන පියවර හැටියට වැව් බැම්ම ශක්තිමත් කර ගැනීම සඳහා ගල් බැම්ම ඉදිකිරීම අද අරම්භ කළා. ඊ ළඟ පියවර ලෙස වැව වටේට ඇවිදින මංතීරුවක් ඉදිකරන්නත් ප‍්‍රධාන මාර්ගයට සම්බන්ධවන වැව් බැම්ම පුළුල් කරන්නත් කටයුතු කරනවා.

මහරගම සංවර්ධන සැලසුම අපි කලින් ඉදිරිපත් කළා. එම සැලසුම මැතිවරණයෙන් පසුව ඉවරවෙයි කිය හුඟදෙනෙක් සිතුවත්, මැතිවරණ ප‍්‍රතිපළ ගැන අපි සිත්න්නේ නැහැ, එම සංවර්ධන සැලසුම අපි පියවරෙන් පියවර කි‍්‍රයාත්මක කරනවා. එහි ප‍්‍රධාන ව්‍යාපෘතියක් වූ මේ වැව සහ අවට භූ අලංකරණ පද්ධතිය ඊ ළඟ වසර 1 1/2 ඇතුළත නිම කරන්න අපි කටයුතු කරනවා. ඒවගේම අපි පොරොන්දු වූ පරිදි නාවින්න බස් නැවතුම ඉදිකිරීම දැනටම ආරම්භ වී තිබෙනවා. නගරය මැද වාහන නතර කිරීමේ මධ්‍යස්ථානය ඉදිකිරීම් අවසන් වෙමින් පවතිනවා, මේ වසර අවසානයේදී එය ජනතා අයිතියට පැවරීමට කටයුතු කරනවා. ඒ වගේම කොට්ටාව බස්නැවතුම්පල ඉදිකිරීමත් මෙම වසරේදී ආරම්භ කරනවා. නාවින්න - කොට්ටාව වාණිජ මධ්‍යස්ථානයන් පුද්ගලික අංශයේ සහයෝගය ඇතිව මේ වසර අවසානයේදී වැඩ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ මහරගම නගර සභා බල ප‍්‍රදේශයේ ව්‍යාපෘති 135 ක් මෙම වසර තුළදීම වැඩ අවසන් කිරීමට කටයුතු කරනවා. ගම් මට්ටමින් සහ බිම් මට්ටමින් කරන්න අවශ්‍ය සංවර්ධනයන් පිළිබඳව වැදගත්කම කැබිනට් මණ්ඩලය වෙත පසුගිය අපේ‍්‍රල් මාසයේදී ඉදිරිපත් කර තිබෙනවා. අද අපේ රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වන ජල ප‍්‍රශ්නය විසඳන්න මැදිහත් විය යුතුයි කියන එකත්, කුඩා මාර්ගවල, ඇලවේලිවල ගැටළු විසඳීමටත් අපි මැදිහත් විය යුතුයි, ජනතාවගේ රැකියා උත්පාදනය පිළිබඳව මැදිහත් විය යුතුයි කියන එකත් ඇතුළුව කරුණු 47 ක් දක්වලා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කලා. ජනාධිපතිතුමා, අගමැතිතුමා එය පිළිඅරගෙන රුපියල් මිලියන 60,000 ක් වැය වෙන ගම්පෙරළිය වැඩසටහන අද දියත් කර තිබෙනවා.

ඒ වගේම මහනගර ව්‍යාපෘතිය යටතේ භාරගත් සෑම සැලසුමක්ම අද කි‍්‍රයාත්මක කර තිබෙනවා. හුඟ දෙනෙක් බිය වූ, කොළඹ නගරය ගිලා බසි යැයි සිතූ, කොළඹ නගරයට බලපෑමක් එල්ලවන ස්වෛරී රාජ්‍යයක් බිහිවනවා යයි කිවූ, වරාය නගරය මෙරටට අයිති කොටසක් හැටියට පරිසර ඇගයීමක් සමග අද කි‍්‍රයාත්මක කර තිබෙනවා. එය පැරණි ක‍්‍රමයට සිදු කළා නම් පරිසර ඇගයීමක් නැතිව, සින්නක්කර අයිතිය විදේශිකයන්ට ලබාදී සිදු කළා නම් ඇතැම්විට කොළඹ නගරයටම තර්ජනයක් එල්ලවීමට ඉඩ තිබුණා. කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි විනාශ වීමට ඉඩ තිබුණා. පරිසර අධ්‍යනයකින් පසුව එම නගරයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන්න අපි කටයුතු කළා. ඒ වගේම අපි අධ්‍යනය කරගෙන යනවා එම නගරය දෙහිවල දෙසට පුළුල් කිරීමට හැකියාවක් තිබෙනවාද කියා. එම අධ්‍යනය සාර්ථක වුවහොත් එම කටයුතුත් ලබන වසරේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මුළු කොළඹ තිබෙන මලාපවහන පද්ධති බේරේට යොමු කර තිබෙන්නේ. මේ දවස්වල බේරේ ජලමට්ටම අඩුවෙලා බේරේ අපිරිසිදු තත්වය දැනෙන්නට පටන්ගෙන තිබෙනවා. අවුරුදු 160ක් පැරණි කොළඹ මලාපවහන පද්ධතිය හැදුවේ නැහැ. නගර සභාව හෝ ආණ්ඩු උඩින් මල්පොච්චි තියා පේමන්ට් හැදුවට කොළඹ නගරයේ යට තිබෙන මලාපවහන පද්ධතිය හැදුවේ නැහැ. එය ගිහින් තිබෙන්නේ බේරේ වැවට. මේ මල පද්ධතිය අඩි පහක් හයක් ගැඹුරට මලාපවහන පද්ධතිය වැසිකිලි වලක් බවට බේරේ පත්කර තිබෙනවා. ගංගාරාමය ප‍්‍රදේශයෙන් අපි පරීක්‍ෂණයක් සිදු කළා මෙම තට්ටුව කොපමණ ගැඹුරට තිබෙනවාද? එය තල්ලූ කළ හැකිද කියා. එවිට තමයි එය ඇවිස්සි ගඳ පිටවූයේ. කෙසේ නමුත් අපට පෙනී ගොස් තිබෙනවා කොළඹ මලාපවහන පද්ධතිය විධිමත් නොකර බේරේ වැව වැසිකිලි වලක් බවට පත්කර ගැනීමෙන් අපට කොළඹ නගරය ගොඩනගාගත නොහැකි බව. එනිසා බේරේ වැව අපි ප‍්‍රධාන කි‍්‍රයාවලියක් ලෙස හඳුනාගෙන බේරේ වැව පිරිසිදු කරන්නත්, වටේට තිබූ පැල්පත් සියල්ලම සුදු වෑන් සංස්කෘතියකින් තොරව, බලහත්කාරයෙන් තොරව අද අයින්කර තිබෙනවා. බේරේ වැවේ ගල් බැම්ම භාගයක වැඩ අවසන් කර තිබෙනවා. අලංකාර මංතීරුවක් ගොඩනගා තිබෙනවා. අනෙක් පැත්තෙනුත් එය ගොඩනගන්න කටයුතු කරනවා. බේරේ වැව අවට ලංකාවේ ප‍්‍රධාන ආර්ථික දිස්ත‍්‍රික්කය ගොඩනැගීමත් ඒ අනුව සිදු කෙරෙනවා.

ඊ ළඟට අංගය ලෙස හෝමාගම මාහේන වත්තේ තාක්ෂණ නගරයක් ඉදිකරන්න කටයුතු කරනවා. හුඟ දෙනෙක් බියවද්දගෙන යනවා ජනතාවගේ ඉඩම් ගෙන, ගස්කොලන් විනාශ කර මහා වැනසීමක් සිදු කරනවා කියා. නමුත් කිසිම පුද්ගලයෙකුගේ, පුද්ගලික ගෙයක් දොරක්, ඉඩමක් අපි අරගෙන නැහැ. පුද්ගලික වතු අරගෙන ව්‍යාපෘති සඳහා ඔවුන්ට යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව ලබාදී තිබෙනවා. ජලය, විදුලිය සහ මාර්ග පද්ධති වැනි එහි යටිතල පහසුකම් නැංවීම මේ වනවිට සිදුකරගෙන යනවා. එම නගරය තමයි මේ රටේ අනාගතය තීරණය කරන තාක්ෂණ විප්ලවය ඉදිරියට ගෙනයන්නේ. ඒ වගේම බතත්තරමුල්ල ප‍්‍රදේශයේ ප‍්‍රධාන පරිපාලන නගරය ගොඩනගන්න අවශ්‍ය කරන ගොඩනැගිලි නාගරික සංවර්ධන අධිකාරියේ ප‍්‍රතිපාදන මගින් සිදුකිරීමට වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. 2015 දී නාගරික සංවර්ධන අධිකාරිය බංකොලොත් වෙලා තිබුණේ. හැම තැනම පාරවල්වල ගල් අල්ලන්න ගිහින්, නගර ලස්සන කරන්න ගිහින්, මිලියන 39000ක ණය කන්දකට නාගරික සංවර්ධන අධිකාරිය වට්ටලා තිබුණේ. නගර ලස්සන කරා කියන අය මතක තබා ගත යුතුයි නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු මුළු රටම භයානක ණය උගුලක හසුකර තිබුණා. එම ණය උගුලින් නාගරික සංවර්ධන අධිකාරිය නිදහස් කරගෙන තිබෙනවා. පසුගිය වසරේ අපට පුළුවන් උනා මිලියන 23000ක් ඉතිරි කර ගන්න. එය අපි ආයෝජනය කර තිබෙනවා මේ පරිපාලන නගරය ගොඩනගන්නත්, පැල්පත්වාසී දුගී ජනතාවට නිවාස ලබා දෙන්නත්, මධ්‍යම පාන්තික නිවාස ඉදිකරන්නත්. එම ආකාරයේ බලගතු ආයෝජනයකින් බත්තරමුල්ල ප‍්‍රදේශයම වෙනස් කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම සැහැල්ලූ දුම්රිය පද්ධති වැඩකටයුතුත් ලබන වසරේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ විදිහට මහාපරිමාන සංවර්ධන ව්‍යාපෘති 20 ක් අපේ අමාත්‍යාංශයෙන් අපි දියත් කර තිබෙනවා. අපි බලාපොරොත්තු උනා මහවැලි අධිකාරිය වැනි බලගතු මහනගර අධිකාරියක් ආණ්ඩුව සාදා දෙයි කියා. නමුත් රජයට එය කර ගන්න බැරි උනා. අපි එයින් පසුබට වූයේ නැහැ අපේ කටයුත්තු අපි නිම කර තිබෙනවා ඒ සියළු අභියෝග  මැද. ඒ වගේම රට පුරා කුඩා නගර 206 ක් ගොඩනගන්න සුඛිත පුරවර නමින් ව්‍යාපෘතියක් දියත් කර තිබෙනවා. ඒ වගේම රටපුරා කුඩා ව්‍යාපෘති 1500 කට වඩා අපි දියත් කර තිබෙනවා. කොළඹට පමණක් සීමා නොවී අනුරාධපුර, යපනය, මහනුවර, ගාල්ල, මාතර, රත්නපුර, වැල්ලවාය  වැනි නගර 13ක් තෝරාගෙන විධිමත් සංවර්ධනයක් සිදු කරනු ලබනවා. ලක්‍ෂ 20ක වැඩ කර ලක්‍ෂ 25ක ප‍්‍රචාරය අපේ නැහැ. ඉන්දියාවෙන් නලූ නිලියෝ ගෙනල්ලා කෝටි 20 ක් 30ක් වියදම් කර සිදු කරන ප‍්‍රචාරක නාඩගම් අපේ නැහැ. ඒ වගේම අනුරාධපුර සංවර්ධනයට කොළඹ, හම්බන්තොට පෝස්ටර් ගහන සංස්කෘතිය අපේ නැහැ. ඒ වෙනුවට සෑම දෙයම ජනතාව ලැබෙන අවශ්‍ය දෙය පමණක් ප‍්‍රචාරය කරන  කි‍්‍රයාවලියකයි අපි යන්නේ. ඒ අනුව ඉදිරි කාලය තුළ අපි මහරගම ජනතාව දුන් පොරොන්දු ඉටු කරමින මේ බොරලැස්ගමුව වැව අවට ප‍්‍රදේශය ඉතා සුන්දර ප‍්‍රදේශයක් බවට පත් කිරීමට කටයුතු කරනවා’’ යැයි ද පැවසීය.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහනගරයෙන් යෝධ ව්‍යාපෘති 20ක්, කුඩා නගර සංවර්ධන 206 ක් සහ සංවර්ධන ව්‍යාපෘති 1500 ක්.
මහනගරයෙන් යෝධ ව්‍යාපෘති 20ක්, කුඩා නගර සංවර්ධන 206 ක් සහ සංවර්ධන ව්‍යාපෘති 1500 ක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkmwUjsGH8MHvby9eknzRdeN67c52Rg2XE6HnYuR6UMUYoxyoaXOhuFmmc1GqH2K_WJq7g0cspGpyUziYju5SZJb5YP-jIcojSuh-7UrTN9zKzSluvERI9Ty0s2vF9Hm7ir9bU1f2XNLEn/s1600/02.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkmwUjsGH8MHvby9eknzRdeN67c52Rg2XE6HnYuR6UMUYoxyoaXOhuFmmc1GqH2K_WJq7g0cspGpyUziYju5SZJb5YP-jIcojSuh-7UrTN9zKzSluvERI9Ty0s2vF9Hm7ir9bU1f2XNLEn/s72-c/02.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/20-206-1500.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/20-206-1500.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy