දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බරපතල සෞඛ්‍ය අවදානමක්! කෝටි 175ක් ගෙවා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වූ කිරිදෙනුන්ට බරපතළ රෝග දෙකක්
Homeප්‍රවෘත්ති

බරපතල සෞඛ්‍ය අවදානමක්! කෝටි 175ක් ගෙවා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වූ කිරිදෙනුන්ට බරපතළ රෝග දෙකක්

PropellerAds

රුපියල් කෝටි 175ක මුදලක් ඕස්ට්‍රේලියානු සමාගමකට ගෙවමින් කිරිදෙනුන් මෙරටට ගෙන්වීමට රජය තීරණය කොට තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික...

බරපතල සෞඛ්‍ය අවදානමක්! කෝටි 175ක් ගෙවා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වූ කිරිදෙනුන්ට බරපතළ රෝග දෙකක්

රුපියල් කෝටි 175ක මුදලක් ඕස්ට්‍රේලියානු සමාගමකට ගෙවමින් කිරිදෙනුන් මෙරටට ගෙන්වීමට රජය තීරණය කොට තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඕස්ට්‍රේලියාවෙන් මෙරටට ගෙන්වන ලද කිරි දෙනුන් හට මෙරට නොමැති රෝග දෙකක් වැළඳී තිබෙන බව ලන්ඩන් නුවර සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් ඔප්පු වී තිබියදී තවත් කෝටි ගණනක් වියදම් කර මෙම තීරණය ගෙන ඇති බවට ඔහු චෝදනා කරයි.

මේ තුළින් මෙරටට විශාල අනතුරුදායක තත්වයක් උදාවී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ තම සංවිධානය විසින් ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ලබාගත් තොරතුරු අනුව මෙය හෙළිදරව් කරන බව අද (31) දඹුල්ලේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කළේය.

දැනට මෙරටට ගෙන්වා ඇති කිරි දෙනුන්ගේ මලමුත්‍ර කොටස් පරීක්ෂාකිරීමේදී බරපතළ රෝග දෙකක් වන" බෝවින්වයිරල් ඩයරියා "සහ ෆැසියෝලා හෙපටිකා ඉන්ෆආස්ටේසන් "යන රෝග දෙක පවතින බව අනාවරණය වී තිබෙන බවත් ඒ අනුව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් සිය සාමාජිකයන් හට ලිඛිතව ලබා දී ඇත්තේ එම විදේශ රටවලින් ගෙන්වා ඇති සතුන් පිළිබඳව කිසිදු රාජකාරියක නියැලීම වළකින ලෙස දැනුම්දී ඇතැයිද හෙතෙම අවධාරණය කළේය.

එසේ රාජකාරි වලින් වැළකෙන ලෙස උපදෙස් ලබා දී ඇත්තේ එම සතුන්ට බෝවී තිබෙන වෛරස් රෝගය ක්ෂීරපායි සතුන් ඇතුළු මනුෂ්‍යයින්ට ද බෝ වීමේ දැඩි අවධානමක් පත්ව ඇති බව පර්යේෂණවලින් ඔප්පු වී ඇති නිසා බවද හෙතෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කළේය.

මෙසේ ගෙනවිත් ඇති රෝග බෝවී ඇති සතුන් හඳුනාගෙන එම සතුන් විනාස කළ යුතුයැයි වෛද්‍ය පර්යේෂණ නිලධාරීන් සඳහන් කොට තිබියදී තවදුරටත් රාජ්‍ය මුදල් මහජනතාවගේ මුදල් ඔස්ට්‍රේලියානු පෞද්ගලික සමාගමකට ලබාදී සිදුකරනු ලබන්නේ මහ බරපතළ අපරාධයක් බව ද නාමල් කරුණාරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

සත්ව රෝග පණත අධ්‍යයනය කර බැලීමේදී සතුන්ට බෝවිය හැකි රෝග පිළිබඳව එහි සඳහන්ව තිබෙන බවත් එහෙත් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද මෙම සතුන්ට බෝවී ඇති රෝග දෙක එහි සඳහන්ව නොමැති බව අවධාරණය කළේ ය.

මෙම රෝග බෝවී ඇති සතුන්ගේ කොටස් ගොමවලින් ඇළ දොළ ගංගාවලට එක්ව විශේෂයෙන්ම එහි කිරි බොන මිනිසුන්ට පවා බරපතල සෞඛ්‍ය අවදානමක් පවතින බව හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට විශේෂ පරීක්ෂණයක් සිදුකොට මේ අපරාධය කල අයවලුන්ට දඩුවම් දෙන්නයි ඉල්ලාසිටියේය .

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බරපතල සෞඛ්‍ය අවදානමක්! කෝටි 175ක් ගෙවා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වූ කිරිදෙනුන්ට බරපතළ රෝග දෙකක්
බරපතල සෞඛ්‍ය අවදානමක්! කෝටි 175ක් ගෙවා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වූ කිරිදෙනුන්ට බරපතළ රෝග දෙකක්
http://am.lk/media/k2/items/cache/27c18108eeca13509b10e302aa6c5598_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/175.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/175.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy