දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Readphotos.com අද එලියට : photos විතරමයි.
Homeගොසිප්

Readphotos.com අද එලියට : photos විතරමයි.

PropellerAds

ලංකාවේ විශිෂ්ට ඡායාරූප ශිල්පීන්ගේ ජායාරූප ඇතුළත්  readphots ( www.readphotos.com ) වෙබ් අඩවිය අද (14) දා අන්තර්ජාලගත කිරීමට නියමිතව ඇත. ...

ජුමාරියා බීච් පාටියෙන් පැන්න අංගොඩ ලොක්කා ඩුබායි සීසීටීවී ඔස්සේ අල්ලලා
මධුෂ්ගෙන් සල්ලි ගත්ත දේශපාලනඥයෝ කවුද (සඳුදා කාටූන්)
කෝට්ටේ පිරිමි විද්‍යාලයේ ඇරඹූ ස්මාර්ට් පන්ති කාමර ක්‍රමය



ලංකාවේ විශිෂ්ට ඡායාරූප ශිල්පීන්ගේ ජායාරූප ඇතුළත්  readphots (www.readphotos.com) වෙබ් අඩවිය අද (14) දා අන්තර්ජාලගත කිරීමට නියමිතව ඇත.

LNW (ලංකා නිව්ස් වෙබ් මීඩියා නෙට්වර්ක්) හි නවතම සාමාජිකයා ලෙස එක්වන මෙම www.readphotos.com  වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කරන්නේ ප්‍රවීණ ජායාරූප ශිල්පීයකු මෙන්ම මාධ්‍යවේදියකුද වන  අජිත් සෙනවිරත්න ය. 

ඡායාරූප ශිල්පීන්ගේ විශේෂිත විෂය පථය, කාණ්ඩය අනුව ඔවුන්ගේ ජායාරූප වර්ගීකරණය කර ඉදිරිපත් කිරීමට  www.readphotos.com වෙබ් අඩවිය ඉඩප්‍රස්ථා ලබාදී ඇති අතර  විවිධ මට්ටම්වලින් ඡායාරූපකරණයේ යෙදී සිටින ඡායාරූප ශිල්පීන් වෙත, ඔවුන්ගේ දෘෂ්‍යමය භාෂාවේ සංවිධිත ප්‍රවේශයක් සඳහා මේ අවස්ථාව යොදාගැනීමට  Readphotos ඇරයුම් කර සිටියි. 

මේ සම්බන්ධව අදහස් දක්වන ලංකා නිව්ස් වෙබ් මීඩියා නෙට්වර්ක් කළමනාකාරීත්වය සඳහන් කර සිටින්නේ ප්‍රවෘත්තිමය, දේශපාලනික, පාරිසරික, නිර්මාණාත්මක හෝ සමාජයීය වැදගත්කමකින් යුක්ත කාච සටහන් සමග දැනුම්වත්භාවයෙන් යුතුව ප්‍රේක්ෂකාගාරය සමග සහසම්බන්ධ විය හැකි පොදු වේදිකාවක්  නිර්මාණය කිරීම තම ප්‍රධාන අපේක්ෂාව වන බවය.

මේ සම්බන්ධව www.readphotos.com වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක අජිත් සෙනෙවිරත්න වෙතින් සිදුකළ විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ ලංකාව පුරා විසිරී සිටින සියළු ජායාරූප ශිල්පීන් එකම සයිබර් අවකාශයකට ගැනීම හරහා රසවින්දනයේ සහ ජායාරූප කලාවේ ගුණාත්මක භාවය ඉහළ යාමක් සිදුවනු දැකීම තම අපේක්ෂාව වන බවය.

එසේම  readphotos යන නම පවා ඊට යොදා ඇත්තේ එම අපේක්ෂාවෙන් බවද ඔහු සඳහන් කරයි. 

තවද නවක ජායාරූප ශිල්පීන් රැසක් සිය කුසලතා ප්‍රදර්ශනය කිරීමට නිසි අවස්ථාවක් නොමැතිව සිටින බවත් ඔවුන්ට කළඑළි දකින්න ශක්තිමත් වේදිකාවක් මේ හරහා නිර්මාණය වන බවද ඔහු සඳහන් කර සිටින අතර ජේෂ්ඨ ජායාරූප ශිල්පීන්ගේ ජායාරූප ගොනුවක් සමඟ එය සිදුවන බැවින් අලුතින් ඉගෙනීමට දේ මෙන්ම අත්දැකීම් බෙදාහදා ගැනීමේ අවකාශයක් මේ තුළ නිර්මාණය වන බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම ඉදිරියේදී ජායාරූප කලාව සම්බන්ධව ඉගෙන ගැනීමට ප්‍රිය කරන පාර්ශවයන්ට අත්වැළක් සපයන  ලිපි, වැඩමුළු, පුවත් ඇතුළත් විශේෂාංග ගණනාවක් ඉදිරියේදී මීට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ ඔස්සේ ජායාරූප කලාවේ මෙන්ම රසවින්දනයේද ගුණාත්මකබව නංවන අතර දිගු ගමනක් යාම තම අපේක්ෂාව වන බවද ඔහු පවසයි. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Readphotos.com අද එලියට : photos විතරමයි.
Readphotos.com අද එලියට : photos විතරමයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2vMFhoMgnOC2mHrBXA0TbCbF6gPKyyMHV2Hb6MRYS0LCv2Yl-tDggyxq-kfN3F6zrHu30RM4i9PUMVxPo79ccM9eoHcoCmGQ9JWWD06aIGnwN4kycdSxb19o7flc63PpIcS6fhALLVns/s1600/read-photo.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2vMFhoMgnOC2mHrBXA0TbCbF6gPKyyMHV2Hb6MRYS0LCv2Yl-tDggyxq-kfN3F6zrHu30RM4i9PUMVxPo79ccM9eoHcoCmGQ9JWWD06aIGnwN4kycdSxb19o7flc63PpIcS6fhALLVns/s72-c/read-photo.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/readphotoscom-photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/readphotoscom-photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy