මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී.එල්.ටී.ටී.ඊ.සංවිධානය සතු නිලඇදුම් කීපයක් හා අත්බෝම්බයක් ආරක්ෂක අංශ විසින් 10 දා සවස ගොඩ ගෙන තිබේ. ...
මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී.එල්.ටී.ටී.ඊ.සංවිධානය සතු නිලඇදුම් කීපයක් හා අත්බෝම්බයක් ආරක්ෂක අංශ විසින් 10 දා සවස ගොඩ ගෙන තිබේ.
එල්.ටී.ටී.ඊ.සංවිධානය සතු යුද උපකරණ තොගයක් ඇති බවට ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසකට ලැබුණු තොරතුරක් මත ඒ පිළිබදව පොලීසිය දැණුවත් කොට මුලතිව් පොලිසිය විසින් ලබා ගන්නා ලද අධිකරණ නියෝගයක් මත කළ කැණීමකින් මේ ද්‍රව්‍ය හමුවී ඇත.
අධිකරණ නිලධාරීන් ඉදිරියේ අඩි පහක් ගැඹුරට කැණීම් කටයුතු සිදු කරද්දී අත්බෝම්බය හා එල්.ටී.ටී,ඊ,සංවිධානයේ නිලඇදුම් හමුවී ඇති අතර ඉන් පසුවද එම ස්ථානයේ කැණීම් සිදු කොට ඇතත් සැකාක්ටයුතු කිසිවක් හමු වී නොමැත.
හමු වූ ද්‍රව්‍ය මුලතිව් පොලීසිය බාරයට පත් කොට ඇති අතර පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS