ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය විසින් දැනට සංචාරක ප්‍රවර්ධනය උදෙසා බහුවිද ප්‍රචාරණ ආරම්භ කර පුළුල් ලෙස පවත්වාගෙන යන අතර, ඊට සමගාමී නව විද්...
ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය විසින් දැනට සංචාරක ප්‍රවර්ධනය උදෙසා බහුවිද ප්‍රචාරණ ආරම්භ කර පුළුල් ලෙස පවත්වාගෙන යන අතර, ඊට සමගාමී නව විද්‍යුත් ප්‍රචාරණ ව්‍යාපාරයට අදාළ ඇගයීම් ක්‍රියාවලිය එහි අවසන් අදියර වෙත දැන් ලඟා වී ඇත. ඒ වැඩසටහන සදහා අනුමැතිය ලබා ගැනීමට 2018 ජුලි මස මුල් භාගයේදී අමාත්‍ය කාර්යාංශය වෙත ඉදිරිපත් කිරීමට දැන් කටයුතු යොදා ඇත.
මෙම ප්‍රචාරණ ආරම්භ කර ඇත්තේ යුරෝපය, මැද පෙරදිග, ඔස්ට්‍රේලියාව, චීනය හා ඉන්දියාව වැනි ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳපොල ඉලක්ක කර ගෙනයි. තවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන කාර්යාංශය විසින් ලොව පුරා ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට CNN රූපවාහිනී නාලිකාව හරහා මාස තුනක ප්‍රචාරණ හා දැන්වීම් ව්‍යාපාරයක්ද ආරම්භ කර ඇත.
පසුගිය මාස 12ක කාලය තුල සංවර්ධන කාර්යාංශය විසින් සාර්ථකව එහි සමාජ මාධ්‍ය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන හා මෙරටට පැමිණෙන සංචාරක ලේඛකයින්ගේ වැඩසටහනද ව්‍යාප්ත කර ඇති බව එම කාර්යාංශය ප්‍රකාශ කරයි. ඒ අනුව 2017 මැයි මස සිට 2018 අප්‍රේල් මස දක්වා සමාජ මාධ්‍ය සංචාරක ප්‍රවර්ධකයින් 30කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිනීම හේතුවෙන් ශ්‍රී ලංකාව පිලිබඳ තොරතුරු ඒ හරහා මිලියන 65ක අධික සමාජ ජාල භාවිතා කරන්නන් වෙත ලඟා වී ඇති අතර එම සමාජ මාධ්‍ය අන්තර්ගතය ඉන්ස්ටග්‍රෑම්ෆේ, යුටුබ්, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය තුලින් මිලියන 12.5ක් පමණ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සම්බන්ධ වී ඇති බව අනාවරණය විය.
සමාජ මාධ්‍ය මගින් ප්‍රචලිත වූ බ්ලොග් ලිපි
එමෙන්ම 2017 වසර තුල ශ්‍රී ලංකාවේ ආකර්ශනීය තේ වතු, වෙරල තීරයන්, සංස්කෘතිය හා වනජීවී සම්පත් විදහා දක්වන රූපවාහිනී වාර්තා වැඩසටහන් රැසක් ප්‍රමුඛ රුපවාහිනී නාලිකාවන් වන චැනල් 9 (ඔස්ට්‍රේලියාව), WDR (ජර්මනිය), 3SAT (ප්‍රංශය), CCTV (චීනය) and ARTE (ප්‍රංශය/ජර්මනිය) ඔස්සේ විකාශය වුනි.
ප්‍රවර්ධනය, ප්‍රචාරණය හා සන්නාමකරණය මගින් ප්‍රසිද්ධිය ලබා දෙන උපයාගන්නා මාධ්‍යට අමතරව ෆුඩ් ඇන්ඩ් ට්‍රැවල් මැගසින්, එස්කෙපිස්ම් මැගසින් UK, අබේන්ට්ර් උන්ඩ් රයිස්න් රයිස් ප්‍රයිස් ජර්මනි, වොයේජ්ස් ග්‍රෑන්ඩ් රිපොටේජ්ස් ඔෆ් ෆ්‍රාන්ස් සහ ගල්ෆ් ප්‍රවෘත්ති පත්‍රය වැනි ගෙවුම් මුද්‍රිත ප්‍රකාශන වලද ශ්‍රී ලංකාව පිළිබද ප්‍රචාරණය ලබා දෙන ලදී. 2017 වසරේ දී මෙරටට පැමිණෙන සංචාරක ලේඛකයින්ගේ වැඩසටහන හා ටෙලිවිෂන් වැඩසටහන මගින් මිලියන 75 කට අධික පාඨක සංඛ්‍යාවක් රූපවාහිනී හා සඟරා දෙක ඇතුළුව) ලංකාවට සංචාරාමය හා ආයෝජන වශෙයන් වැදගත් කමක් ඇති ප්‍රධාන වෙළඳපොල වන එක්සත් රාජධානිය, ජර්මනිය, චීනය හා ඉන්දියාව වැනි රටවල පාඨකයින් අතරට ගියහ.
මේ වසරේ දී පාඨකයින් මිලියන 2 කට අධික සංඛ්‍යාවක් ඇති එක්සත් රාජධානියේ ප්‍රධාන මාධ්‍ය ආයතන වන කොන්දේ නාස්, ලක්ෂ්රි ට්‍රැවල් ගයිඩ්, ඩෙස්ටිනේශ්න් වෙඩින්, හනි මූන් අබ්‍රෝඩ් UK හා ලෝන්ලි ප්ලනෙට් ඉන්දියා, මාධ්‍යවේදීන් මගින් ශ්‍රී ලංකාව මොනවට විදහා දැක්වූ අතර එම ලිපි වල ප්‍රචාරණ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 190, 000 ලෙස ඇස්තමේන්තු කරන ලදී.
නැෂනල් ජියෝග්‍රෆික් සගරාව
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන කාර්යාංශය විසින් ITB බර්ලින් 2018, ATM ඩුබායි හා SATTE ඉන්දියා යන ප්‍රධාන ප්‍රවර්ධන අවස්ථාවන්හිදී මාධ්‍ය හමු පවත්වන ලදී. එම මාධ්‍ය හමු හරහා මාධ්‍ය ආයතන 81ක් සම්බන්ද වූ SATTE ඉන්දියා මගින් පුවත්පත් ලිපි 54ක් පළකර ගැනීමට අවස්ථාව හිමි වූ අතර මාධ්‍ය ආයතන 80ක් සම්බන්ද වූ ITB 2018 මගින් පුවත්පත් නිවේදන 27 ක් පළකර ගත හැකි වුනි. ATM 2018 අවස්ථාවට මාධ්‍ය ආයතන 35 සම්බන්ද වූ අතර එමගින් ශ්‍රී ලංකාව පිළිබද පුවත්පත් නිවේදන 20 ක් පළකර ගැනීමට කාර්යාංශය ට හැකි විය. මෙම ප්‍රසිද්ධිය තුලින් ලද ප්‍රචාරණ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.4 කට වැඩි බව ඇස්තමේන්තු කර ඇති අතර මෙහිදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන කාර්යාංශය තව දුරටත් සංචාරක ප්‍රවර්ධන පුද්ගලයින් සමග (travel influencers) සැසි පැවැත්වා ශ්‍රී ලංකාව පිලිබඳ වඩාත් පුළුල් දැනුවත් කිරීම් සිදුකරන ලදී.
මේ අතර, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ජාත්‍යන්තර වෙළඳපල අවරණය කරමින් ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් වෙත යාමේ අරමුණ ඇතිව CNN නාලිකාව හරහා එහි ප්‍රචාරණ වැඩසටහන ආරම්භ කළේය. CNN නාලිකාව හරහා මෙම මාස තුනක් පුරා දිව යන ප්‍රචාරණ වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ සොබාදහම, වනජීව්න් හා සංස්කෘතිය විදහා දැක්වේ.
ඇමෙරිකානු ඩොලර් 625 000 වටිනාකමකින් යුතු මෙම ප්‍රචාරණ වැඩසටහනට වෙළඳ දැන්වීම් හා කතුවැකි ඇතුලත් වන අතර කතුවැකි කාණ්ඩයට අයත් CNN නාලිකාවෙහි හි "ද ග්‍රේට් බිග් ස්ටෝරි" හරහා බහුවිද සමාජ මාධ්‍ය වේදිකාවලට ව්‍යාප්ත වීමට නියමිතයි. මෙම ජාත්‍යන්තර මාධ්‍ය පතාක යෝධයකු වන CNN නාලිකාව සමග ඇති කර ගත සහයෝගිතාව කාර්යාංශය ජාත්‍යන්තර විද්‍යුත් ප්‍රචාරණ වැඩසටහන දියත් කිරීමට ප්‍රථම අන්තර් කාලීන පියවරක් වේ.
"ද ග්‍රේට් බිග් ස්ටෝරි" යනු CNN නාලිකාවේ සමාජ මාධ්‍ය හස්තය වන අතර එය යු ටුබ්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හා ට්විටර් වැනි සමජ මාධ්‍ය වේදිකා විශාල ප්‍රමානයක් හරහා ව්‍යාප්තව ඇත. සිනමාකරණ කථාවස්තු දිගහැරීමක් හරහා "ද ග්‍රේට් බිග් ස්ටෝරි" ශ්‍රී ලංකාවේ ස්වභාවික හා සංකෘතික උරුමයන් විදහා දැක්වීම තුලින් එහි විවිධත්වය මොනවට පැහැදිලි කරයි.
මේ කොටස් තුනකින් යුතු කථා මාලාව ශ්‍රී ලංකාවේ ලෙන් විහාර සංකීර්ණයට ප්‍රචලිත දඹුල්ල විහාරය, ගිනි නර්තන ශිල්පීන් හා කඩොලාන යන වැදගත් සංස්කෘතික හා ස්වාභාවික පැතිකඩ තුනකින් සමන්විත වේ. දඹුලු විහාරය හා සම්බන්ද කතාව දැනටත් විකාශය වී ඇති අතර අනෙකුත් කතාවන් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. මෙම තෙමස් ප්‍රචාරණ වැඩසටහන මගින් 800 000 වැනි පාඨක සංඛ්‍යාවක් අතරට යාම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ බලාපොරොත්තුවයි.
අප රටේ මෙම සංචාරක ආකර්ෂණ "ද ග්‍රේට් බිග් ස්ටෝරි" හරහා විදහා දැක්වීම තුලින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකාවේ ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් අතර සුවිශේෂී සංයෝජනයක් ප්‍රචාරණය කිරීමටත් මෙවැනි ආකර්ෂණයන් වල වැදගත්කම සංස්කෘතික විවිධත්වය අත්විඳීමට උනන්දුවක් දක්වන සංචාරකයින්හට පැහැදිලි කිරීමටත් තම අවධානය යොමු කර ඇත.
ඒ අනුව CNN ජාලය මගින් මෙම තෙමස් ප්‍රචාරණ වැඩසටන තුලින් ඉල්ලුම වැඩි හා අඩු කාලවල දී වෙළඳ දැන්වීම් 1500 ක් විකාශය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් කරන මෙම දැන්වීම් රටේ විවිදත්වය ඉස්මතු කිරීමට ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන, වන ජීවින් හා සංස්කෘතිය මත පදනම් වේ.
මෙම CNN කතෘ වැකි වෙරල තීරයන්, සර්ෆින් ක්‍රීඩාව හා කොළඹ නගරය වටා ගෙතුණු ශ්‍රී ලංකාව පිලිබඳ තත්පර 60ක නිවාඩු වීඩියෝ දර්ශන වලින් යුක්ත වේ. සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට මෙම වීඩියෝ දර්ශන ගුවන් තොටුපොළවල් තුලදී ද විකාශනය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිලිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේ CNN ආයතනය සමගින් ඇති කරගත් සහයෝගිතාවය බහු විද මාධ්‍ය තුලින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳව ලොවට කියා පෑමට ගත් මහගු පියවරක් බවයි. "ශ්‍රී ලංකාවේ සැඟවුණු සුන්දර ස්ථාන ලෝකය සමග බෙදා ගැනීමට අපට මහත් උනන්දුවක් තියෙනවා" යයි ඇමති තුමා පැවසු අතර ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා උරුමය ලොවට පෙන්වීමට සතුටු වන බවත් කීහ. "ද ග්‍රේට් බිග් ස්ටෝරි වැඩසටහනේ වෘත්තාන්ත කලාව හරහා ලොව පුරා ප්‍රේක්ෂකයින් වෙත ලඟා වීම අපේ බලාපොරොත්තුවයි" යනුවෙන් ඔහු තව දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ සුතීෂ් බාලසුබ්‍රමනියම් මහතා පැවසුවේ කාර්යාංශය විද්‍යුත් මාධ්‍ය හරහා බ්ලොග්කරුවන් සමග වැඩසටහනකුත්, විදේශීය වෙළඳපොල තුල මාධ්‍ය නිවේදන හා ප්‍රධාන වෙළඳපොල 12ක් සංචාරක සගරා මගින් ප්‍රචාරණ වැඩසටහන් ගෙන යන බවයි. "ඊට අමතරව අප ප්‍රධාන සංචාරක ප්‍රදර්ශන වලට සහභාගී වන අතර එමෙන්ම ඉන්දියාවේ මාස්ටර් කාඩ් හා CNN ජාත්‍යන්තර ප්‍රචාරණ වැඩසටහන්ද සංචාරක ප්‍රවර්ධනය සදහා දියත් කර ඇත" යනුවෙන් ඔහු කියා සිටියේය.
ප්‍රචාරණ වැඩසටහන සම්බන්දව තම අදහස් දක්වමින් CNN ඉන්ටනැෂනල් හි ප්‍රචාරණ හා අලෙවි ජේෂ්ඨ උප සභාපති සුනීතා රාජන් මෙසේ කියා සිටියේය.
"අපි ගොඩක් සතුටු වෙනවා ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය සමග රටේ සන්නාම ප්‍රවර්ධන වැඩටහනක් දියත් කිරීමට මෙසේ අත්වැල් බැඳගැනීම සම්බන්දව".
ඔවුන්ගේ අවධානය ශ්‍රී ලංකාවේ සංචාරක අත්දැකීමට නව ජීවයක් ලබා දීමට විවිධ මාධ්‍ය නිර්මාණය කිරීම බවත් මෙම සහයෝගිතාවයේ සාර්ථකත්වය වෘත්තාන්ත කලාව, භව්‍ය වෙළඳනාම අන්තර්ගතයන්, දක්ෂ ඉලක්ක කිරීම් හා CNN මෙන්ම ද ග්‍රේට් බිග් ස්ටෝරි වැඩසටහන සමග ප්‍රේක්ෂකයින්ගේ ඇති බැඳීම මත රඳා පවතින බවද ඇය තව දුරටත් ප්‍රකාශ කළහ.
COMMENTS