එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් සටහන් කරගත් ප්‍රකාශය ඇතුළ...
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් සටහන් කරගත් ප්‍රකාශය ඇතුළත් වාර්තාව ඉදිරියේදී නීතිපතිවරයාට යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන්කළේ පැය තුන හමාරකට ආසන්න කාලයක් මන්ත්‍රීවරියගෙන් අදාළ ප්‍රකාශය සටහන් කර ගෙන ඇති බවයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසිනි.
ඒ, මන්ත්‍රීවරියගේ යාපනය - කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි නිවසේදීයි.
තමන් අදාළ සම්පූර්ණ කතාව එක්සත් ජාතික පක්ෂය ප්‍රවර්ධනය කිරීමට මිස එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිදු නොකළ බව හිටපු රාජ්‍ය අමාත්‍යවරිය එහිදී සඳහන් කළ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
පොලිසිය පෙන්වා දුන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය පිළිබඳව සිදු කළ ප්‍රකාශය අත්වැරදීමකින් සිදු වූ බව විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය එහිදී පැවසීය.
විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය එල්.ටී.ටී.ඊ.ය පිළිබඳව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අදාළ උත්සවයට සහභාගි වූ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු 40 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
මේ අතර අද රුස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රුස්වීමේ දී විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූයේ දැයි ඊට සහභාගි වූ අමාත්‍යවරුන්ගෙන් සහ මන්ත්‍රීවරුන්ගෙන් අප විමසීමක් කළේය.
COMMENTS