දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මන්ත්‍රීවරුන් ජනපතිගේ නියෝග තුට්ටුවකට නොතකයි! රනිල්ට නොදන්වා ඇමැති කිරිඇල්ල රට සවාරියේ
Homeප්‍රවෘත්ති

මන්ත්‍රීවරුන් ජනපතිගේ නියෝග තුට්ටුවකට නොතකයි! රනිල්ට නොදන්වා ඇමැති කිරිඇල්ල රට සවාරියේ

PropellerAds

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගද නොතකමින් ඇතැම් මන්ත්‍රීවරුන් සිය අභිමතය පරිදි වැඩ කරගෙන බවට වාර්තා වේ. මෙහි ආසන්නතම සිදු වීම වන...

ඊයේ මහ රෑ වවුනියාව සෙට්ටිකුලමේ කැලෑබද ප්‍රදේශයකදී හමුදාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ තොරතුරු මෙන්න
තම දඬුවම ගැන යළි සලකා බලන්න - රන්ජන් අධිකරණයේ පිහිට පතයි
කැබිනට් සංශෝධනයක් ලඟදීම! කැබිනට් ඇමැති ධූර 2යි - ඇමැතිකම් හිමිවන්නේ මේ අයටයි
මන්ත්‍රීවරුන් ජනපතිගේ නියෝග තුට්ටුවකට නොතකයි! රනිල්ට නොදන්වා ඇමැති කිරිඇල්ල රට සවාරියේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගද නොතකමින් ඇතැම් මන්ත්‍රීවරුන් සිය අභිමතය පරිදි වැඩ කරගෙන බවට වාර්තා වේ.

මෙහි ආසන්නතම සිදු වීම වන්නේ නිල සංචාර හැර රජයේ මුදල් වැය කරමින් පළාත් සභා මන්ත්‍රිවරුන්ට රට සවාරි යාම ජනාධිපතිවරයා විසින් තහනම් කර තිබියදීත්, ආණ්ඩුකාරවරුන්ටද නොදන්වා මේ දිනවල පළාත් සභා මන්ත්‍රිවරුන් විදෙස් සංචාර යාමට පටන්ගෙන තිබීමයි.

ඒ අනුව මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රිවරුන් මේ වනවිටත් එවැනි විදෙස් සංචාරයකට ගොස් තිබේ. එම මන්ත්‍රිවරුන් එම විදෙස් සංචාරය යාම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතාගේ කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බව හෙළි වී තිබේ.

ඌව සහ වයඹ පළාත් සභාවේ මන්ත්‍රිවරුන් ඉදිරි කාලය තුළ එවැනි සංචාර දෙකක් යාමට නියමිත අතර මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුවී ඇතැයිද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවසී ය.

යම් ලෙසකින් මෙම සංචාර සඳහා පළාත් සභාව සතු මුදල් වැය කිරීමට ඉල්ලීම් ලැබුණහොත් එම ප්‍රතිපාදන අනුමත නොකරන ලෙස ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මේ අතර පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමැතිවරුන් කිහිපදෙනෙකු අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.

එම ඇමැති හමුවට ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයාද අගමැතිවරයා හමුවීමට පැමිණ සිටි අතර පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවේ මෙන්ම කැබිනට මණ්ඩලයේදීද ඔහු දක්නට නොලැබිම ගැන අගමැතිවරයා එහිදී විමසා ඇතැයි වාර්තා වේ.

“ලක්ෂ්මන් ලන්ඩන් ගියේ පුද්ගලික සංචාරයකටද?” යන්න අගමැතිවරයා විමසා ඇත. එහිදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇත්තේ “නෑ. සර්, ලන්ඩන් තේම්ස් විහාරය කරපු ආරාධනයකට තමයි මම ගියේ. අද රටේ ජනතාවට පූර්ණ නිදහස තියෙනවා. මානව හිමිකම් ආරක්ෂා වෙනවා. මම මේවා ගැන ලන්ඩන්වල ඉන්න අපේ රටේ අය දැනුවත් කළා” යනුවෙනි.

අගමැතිවරයා මෙලෙස විමසා ඇත්තේ කිරිඇල්ල ඇමැතිවරයා අගමැතිවරයාටද නොදන්වා එම විදෙස් සංචාරය කර ඇති නිසා බව වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මන්ත්‍රීවරුන් ජනපතිගේ නියෝග තුට්ටුවකට නොතකයි! රනිල්ට නොදන්වා ඇමැති කිරිඇල්ල රට සවාරියේ
මන්ත්‍රීවරුන් ජනපතිගේ නියෝග තුට්ටුවකට නොතකයි! රනිල්ට නොදන්වා ඇමැති කිරිඇල්ල රට සවාරියේ
http://am.lk/media/k2/items/cache/b2fa89b07d5d565b78bbe956f4a324c8_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_894.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_894.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy