දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුද හමුදාව දුර්වල කරන තවත් චක‍්‍රලේඛ තුනක් - විශේෂ අනාවරණයක්
Homeප්‍රවෘත්ති

යුද හමුදාව දුර්වල කරන තවත් චක‍්‍රලේඛ තුනක් - විශේෂ අනාවරණයක්

PropellerAds

ශ‍්‍රී ලංකා යුද හමුදාව තවදුරටත් දුර්වලකර, දුර්මුඛ කෙරෙන චක‍්‍රලේඛ තුනක් නිකුත්ව ඇති බවත් ඒවා මගින් ලොව බිහිසුණුම ත‍්‍රස්තවාදයක් පැරදවීමට න...

රේගුවට වැඩබලන්න අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රමාද වැළැක්වීමට කඩිනම් පියවර - අමැති අර්ජුනගෙන් විශේෂ උපදෙස්
ගොවීන් දැනුම්වත් කරන්න වෙබ් අඩවියක්
යුද හමුදාව දුර්වල කරන තවත් චක‍්‍රලේඛ තුනක් - විශේෂ අනාවරණයක්

ශ‍්‍රී ලංකා යුද හමුදාව තවදුරටත් දුර්වලකර, දුර්මුඛ කෙරෙන චක‍්‍රලේඛ තුනක් නිකුත්ව ඇති බවත් ඒවා මගින් ලොව බිහිසුණුම ත‍්‍රස්තවාදයක් පැරදවීමට නායකත්වය දුන් යුද විරුවන් රැසක් විශ‍්‍රාම ගැන්වෙනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ අනාවරණය කර සිටියි.

ඊයේ (05) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මෙසේ අනාවරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“මීට සති දෙකකට ඉහතදී අපි ඔබට අනාවරණය කර සිටියා ශ‍්‍රී ලංකා යුද හමුදාව 25%කින් කප්පාදු කිරීමට යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී නිකුත් කළ නියෝගය පිළිබඳව. එමගින් යුද හමුදාවේ බල ඇණි 33ක්, නිලධාරී තනතුරු 938ක් හා සෙසු නිලයන් 23,266ක් කප්පාදු කිරීමට නියෝග කර තිබුණා. ඉහත කී බලඇණි 33 කප්පාදු කිරීමේදී ඒවාට අයත් කඳවුරු 100කට ආසන්න ප‍්‍රමාණයක් ඉබේම ඉවත් කිරීමට සිදුවෙනවා. ඒ අනුව උතුරේ යුද උපායිකව ඉතා වැදගත් කඳවුරු 100ක් ඉවත් කෙරෙනවා.

‘පොදු සමාව වෙනුවට විශ‍්‍රාම ගැන්වීම’

එම නියෝගය සේම යුද හමුදාව පරිපාලනමය ක‍්‍රමවේද ඔස්සේ දුර්වල කෙරෙන තවත් යුද හමුදා චක‍්‍රලේඛ තුනක් පිළිබඳවයි අද අප රට හමුවේ තබන්නේ. 2016 ජුනි 29 වැනිදා යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් එන්. ජේ. වල්ගම විසින් නිකුත් කොට ඇති ‘නිවාඩු නොලබා නොපැමිණි නිලධාරීන් විශ‍්‍රාම ගැන්වීම’යන චක‍්‍රලේඛය ඒ අතරවන පළමුවැන්නයි. මෙහිදී තමන්ට හිමි නිවාඩු අවසන්ව ගොස් දින 14 ඉක්මවා නිවාඩු ගන්නා නිලධාරීන් විශ‍්‍රාම ගැන්වීමට නියෝග කර තිබෙනවා. යුද සමයේත්, මේ චක‍්‍රලේඛය නිකුත් කිරීමට පෙරත් සිදුවූයේ ‘නිවාඩු නොලබා නොපැමිණි නිලධාරීන්’පොදු සමා කාලයක් ලබා දී ගෙන්වා ගෙන වෙනත් දඩුවම්වලට ලක් කර නැවත සක‍්‍රිය හමුදා සේවයට එක්කර ගැනීමයි. නමුත් දැන් සේවයෙන් විශ‍්‍රාම ගැන්වීමට පියවර ගැනෙනවා. මේ යටතේ විශේෂයෙන් බුද්ධි අංශ නිලධාරින් 100කට ආසන්න පිරිසක් විශ‍්‍රාම ගැන්වීමට නියමිතයි.

‘අණදෙන නිලධාරී වරම් අහිමියි’

දෙවැන්න තමයි, 2016 ජුනි 10 වැනිදා නිකුත් කළ අණදෙන නිලධාරියකු ලෙස සුදුසුකම් ලැබීමේ උපරිම වයස් සීමාව අවුරුදු 45 කිරීම. දැනට කැඩෙට් නිලධාරීන් බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව අවුරුදු 24යි. ඔහු පුහුණව ලබා අධිකාරී ලත් නිලධාරියකු බවට පත් ව වසර 22ක් සම්පූර්ණ කළ පසුව තමයි අණදෙන නිලධාරියකු ලෙස ඉල්ලූම් කිරීමට සුදුසුකම් ලබන්නේ. නමුත් මෙසේ අවුරුදු 45ක උපරිම වයස් සීමාවක් දැම්මාම අවුරුදු 23-24න් හමුදාවට බැඳුණු කිසිදු නිලධාරියකුට අණදෙන නිලධාරියකු බවට පත්වීමට නොහැකි වෙනවා. එසේ මෙමගින් අණදෙන නිලධාරියකු බවට පත්වීමට නොහැකිවන නිලධාරියකුට හමුදාව තුළ ඊළග උසස්වීම ද අහිමි වෙනවා. නිදසුනක් ලෙස අවුරුදු 45 ඉක්මවූ මේජර්වරයකුට අණදෙන නිලධාරි තනතුර විතරක් නොවෙයි ඊළග උසස්වීමවන ලූතිනන් කර්නල් තනතුර ද ඉන්එහාට තිබෙන උසස්වීම් ද අහිමිවෙනවා. මෙහි අවසන් ප‍්‍රතිඵලය ලෙස මානුෂික මෙහෙයුමේදී සුවිශාල සේවයක් කළ වයස 45 ඉක්මවූ මේජර් නිලය දරන නිලධාරීන් සෑහෙන පිරිසක් අණදෙන නිලධාරී තනතුර මෙන්ම ඊළග උසස්වීම ද අහිමිව කලකිරීමට පත්වෙනවා. ඊළගට ඔවුන් අවුරුදු 22ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ‍්‍රාම යාවි. එමගින් හමුදාවට ක්‍ෂේත‍්‍රයේ අත්දැකීම් බහුල දක්‍ෂ නිලධාරීන් රැසක් අහිමිවේවි.

‘එක වරදට දඩුවම් දෙකක්’

තුන්වන චක‍්‍රලේඛය තමයි නිලධාරීන්ගේ පෙර වැරදි සමාලෝචනය කර යළි දඩුවම් කිරීම. යම් නිලධාරියකු යුද්ධ හමුදා පනත යටතේ යම් වරදක් සිදුකර තිබුණානම්, ඊට ඔහු දඩුවම් ලබා තිබුණත් එම දඩුවම් යළි සමාලෝචනය කර යළි දඩුවම් ලබා දීම මේ මගින් සිදු කෙරෙනවා. මේ යටතේත් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිය ගණනක් විශ‍්‍රාම ගැන්වීමට නියමිතයි.

මේ සියල්ලෙන් පෙනීයන්නේ රට වෙනුවෙන් දිවිපරදුවට තබා සටන් කළ අපේ රණවිරුවන්ට ඉර හඳ යට තිබෙන කවර දඩුවමක් හෝ ලබා දී හමුදාවෙන් විශ‍්‍රාම ගන්වා‘ ලොව බිහිසුණුම ත‍්‍රස්තවාදය පරදවා ජය ලැබූ හමුදාවක්’ නිකම්ම නිකම් ප‍්‍රදර්ශනාත්මක හමුදාවක් බවට පත් කිරීමටයි. මේ සියල්ල සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අමෙරිකා එක්සත් ජනපදය විසින් ගෙන ආ මංගල සමරවීර ඇමතිවරයා සම අනුග‍්‍රාහකත්වය ලබාදුන් 30/1 යෝජනාවලියට අනුවයි. එහි සඳහන්ව ඇති පරිපාලනමය ක‍්‍රමවේද මගින්, මානුෂික මෙහෙයුමට දායක වූ මෙරට හමුදා නිලධාරීන්ට දඩුවම් ලබා දී මෙරට හමුදාව දුර්වල කොට, දුර්මුඛ කිරීමයි මේ සිදුවන්නේ.

‘හිතේ අමාරුවට කීව කතාවක් නොවෙයි’

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමපු මේ ආණ්ඩුව යුද ජයග‍්‍රහණය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කළ කොමදෝරු ඞී.පී.කේ. දසනායක, ලූතිනන් කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ රණවිරුවන් හිරේ දමාගෙන සිටිනවා. යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ද ඉන්නේ හිරේ. මේ විදියට බුද්ධි අංශ හිරේ දමා, හමුදාව දුර්වල කර, දුර්මුඛ කරන මේ ආණ්ඩුව දැන් ‘කොටියට ඕනේ නැගිටින යුගය’ නිර්මාණය කර දී අවසන්. අද එජාප පාර්ලිමේන්තු මන්ති‍්‍රනී විජයකලා මහේෂ්වරන්ට ‘ එල්ටීටීඊය යළි ගොඩන` ගන්න ඕනේ ’කියා ප‍්‍ර‍්‍රසිද්ධියේ කීමට තරම් හයියක් ලැබී තිබෙනවා. උතුරෙන් කොටි නිල ඇඳුම්, ආයුධ හමුවෙමින් තිබෙනවා. බුද්ධි අංශ සහ අපේ ආරක්‍ෂක හමුදා දුර්වල වනවිට බෙදුම්වාදීන් යළි තම අරමුණ වෙනුවෙන් වේගයෙන් ක‍්‍රියාත්මක වන ආකාරයයි මේ පෙනෙන්නේ.

සෝවියට් හමුදාව ඇතුළු මිත‍්‍ර හමුදා හිට්ලර්ගේ නාසි හමුදාවන් පරදවා ජය ගනු ලැබුවේ 1945 දීයි. 1945 දී රුසියාවේ මොස්කව් නගරයේ ලෙනින්ගේ පිළිරුව අසල ‘නාඳුනන සොල්දාදුවාගේ’ ස්මාරකයක් ඉදිවුණා. එදා සිට අද වනතෙක් ඒ ස්මාරකය ඉදිරිපිට අවුරුදු 73ක් තිස්සේ 24 පැය පුරාපහනක් දැල්වී තිබෙනවා. සැමදා ඒ ස්මාරකය ඉදිරිපිට ජනතාව පුෂ්පෝපහාර දක්වනවා. ඒ විරුවන් රුසියාව තුළ අඛණ්ඩව සැමරෙනවා. නමුත් අපේ රටේ අවුරුදු 10ක් ගියෙත් නැහැ, ලොව බිහිසුණුම ත‍්‍රස්තවාදය පරදවපු අපේ රණවිරුවන්ගෙන් පලිගන්නවා. ඔවුන් සමරන්න රාජ්‍ය උත්සව නැහැ. ඒ වෙනුවට ත‍්‍රස්තවාදීන්ට වන්දි පිරිනැමෙනවා. ඔවුන්ව ‘මහාවිරුවන්’ලෙස උත්කර්ෂයට නැගීමට ඉඩ දී බලා සිටිනවා. ජාතියකට මෙහෙම අකෘතඥ විය හැකිද?
මේ තත්වය හැකි ඉක්මනින් වෙනස් කිරීමට රණවිරුවන් ලබාදුන් නිදහසින් ඵල ලබන සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජන කොටස් අත්වැල් බැඳගත යුතුයි.’’ යැයි ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුද හමුදාව දුර්වල කරන තවත් චක‍්‍රලේඛ තුනක් - විශේෂ අනාවරණයක්
යුද හමුදාව දුර්වල කරන තවත් චක‍්‍රලේඛ තුනක් - විශේෂ අනාවරණයක්
http://am.lk/media/k2/items/cache/ad488b1f3e7cbd20df728c6701b9471f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_69.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_69.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy