කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන කටයුතුවල ප්‍රමාදය අවම කර ගුවන් මගීන්ට වැඩි පහසුකම් සැපයීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් දියත් කෙරේ. ඒ ප්‍රව...
කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන කටයුතුවල ප්‍රමාදය අවම කර ගුවන් මගීන්ට වැඩි පහසුකම් සැපයීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් දියත් කෙරේ.
ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් අනුව වේ.
මේ කරුණු අනාවරණය වූයේ අර්ජුන රණතුංග අමාත්‍යාතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
කටුනායක ගුවන් තොටුපොළේ සේවා වඩාත් විධිමත් අයුරින් පවත්වා ගෙන යාම සඳහා කෙටි, මධ්‍යම සහ දිගු කාලීන සැලසුම් හඳුනා ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණ. ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව මෙන්ම ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක් වූහ.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
කටුනායක ගුවන් තොටුපොළ මෙරට ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි. එම ගුවන්තොටුපොළෙන් දෛනිකව සේවාව ලබා ගන්නා ගුවන් මගීන්ගේ සංඛ්‍යාව ආසන්න වශයෙන් තිස්දහසක් පමණ වේ. ඔවුනට සේවා සැපයීමේදී ආගමන හා විගමන සහ රේගු නියාමන කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුවන බවත් ඒ හේතුවෙන් ගුවන් මගීන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බවත් මේ වන විට හඳුනා ගෙන තිබේ. ඒ අනුව අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා රේගුවේ ඉහළ කළමනාකරිත්වයට දැන් වූයේ ආගමන හා විගමන සහ රේගු නියාමන කටයුතු ප්‍රමාදයකින් තොරව පවත්වා ගැනීම සඳහා තම අමාත්‍යාංශය යටතේ ඇති ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමෙන් අවශ්‍ය සහාය ලබා ගන්නා ලෙසයි. ප්‍රමාදය වළක්වා ගැනීමේ කෙටි කාලීන විසඳුමක් ලෙසට ආගමන හා විගමන සහ රේගු නියාමන කටයුතුවලට අදාලව මඟ පෙන්වන්නන් ගුවන් තොටුපොළෙහි විවිධ ස්ථාවනවල යොදවන ලෙසටත්, උපදෙස් දැන්වීම්, විද්‍යුත් වර්ණ සංඥා ගුවන් තොටුපොළේ අවශ්‍ය ස්ථානවල සවි කරන්න. දැනට අපිට වැඩියෙන්ම තියෙන්නේ ආගමන කටයුතුවල තියෙන තදබදය. සමහර වෙලාවට පැයක් ඇතුළත දෙදාහක් තුන්දාහක් විතර ගුවන් මගීන් ගුවන් තොටුපොළට පැමිණෙනවා. ඒ නිසා තමයි මේ කෙටි කාලීන විසඳුම් ක්‍රියාවට නැංවිය යුත්තේ. නමුත් අපි මේ ප්‍රමාදය වළක්වා ගැනීමට දිගුකාලීන විසඳුමකට අනිවාර්යෙන්ම යා යුතුවනවා."
COMMENTS