මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙන් ම ප්‍රකට නීතිවේදියෙකු වූ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත විය. ඒ, ක...
මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙන් ම ප්‍රකට නීතිවේදියෙකු වූ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.
ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
මිය යන විට 74 වන වියේ පසු වූ හේමන්ත වර්ණකුලසූරිය මහතා මෙරට නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළේ ය.
ජනමාධ්‍ය මගින් මෙරට නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් මෙහෙවරක නිරතව සිටි වර්ණකුලසූරිය මහතා අසාධාරණයට හා අයුක්තියට එරෙහිව ප්‍රබලව සටන් කළ නීතිඥවරයෙකි.
COMMENTS