දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"කුරුඳු පොලු ගේම් එකේ යට හිටියේ රනිල්" - මෛත්‍රී
Homeප්‍රවෘත්ති

"කුරුඳු පොලු ගේම් එකේ යට හිටියේ රනිල්" - මෛත්‍රී

PropellerAds

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත්විය යුතු බවට ප්‍රකාශ කරමින් මාතර දෙවිනුවර සිට පැමිණි පා ගමනට මාතර බෝධිය...

11 වැනිදා සෞඛ්‍ය ඇමතිගේ බබා පාට් ඉවරයි… ඉතිහාසයේ මුල්ම වරට එදාට වෛද්‍යවරු කොළඹ වටලනවා… GMOA දැනුම් දෙයි!
අධිවේගයේ ගේට්ටුවක් මෛත්‍රී ගිය කාරය මතට පතබෑවිලා!
ඉස්සර රනිල් හිටපු මතයෙන් වෙනස් වෙලා පොහොට්ටු මතයට ඇවිල්ලා - ජනාධිපතිගේ ජර්මන් TV සාකච්ඡාව ගැන පොහොට්ටුව සතුටු වෙයි (VIDEO)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත්විය යුතු බවට ප්‍රකාශ කරමින් මාතර දෙවිනුවර සිට පැමිණි පා ගමනට මාතර බෝධිය අසලදී කුරුඳු පොලු යොදාගෙන පහර දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අනු දැනුම අනුව බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අද මාතර අධිකරණයේ ඊට අදාල නඩුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“එවකට අන්ත පරාජයකට එක්සත් ජාතික පක්ෂය ඇද දමා තිබු රනිල් වික්‍රමසිංහට නායකත්වයෙන් යන්න කියලා බල කරමින් අපි දෙවිනුවර ඉඳන් ආපු පාගමනට මාතර බෝධිය ලඟදි පහර දුන්නේ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් නිසා බව අද වෙනකොට හෙළි වෙලා අවසන්,රනිල්ගේ මාධ්‍ය උපදේශක සුදත් චන්ද්‍රසේකර මීට මාස කිහිපයකට කලින් රනිල් වික්‍රමසිංහ මහතාට ලියපු ලිපිය මගින් පැහැදිලිව මේ කතාව කියල තිබුනා.නමුත් රනිල් වික්‍රමසිංහ මෙයට ප්‍රතිචාර දක්වලා තිබුනේ නැහැ.එවකට එජාපයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී පුෂ්පකුමාර (රත්තරන්) මන්ත්‍රීතුමා අද ප්‍රකාශයක් කරමින් කියා සිටියා මේ පහරදීම පසුපස හිටියේ රනිල් වික්‍රමසිංහ බව.නමුත් වික්‍රමසිංහ මහතා අද ඒ වගකීමෙන් මිදෙන්න හදනවා.අපි පැහැදිලිවම කියනවා වික්‍රමසිංහ මහත්තයට යටින් ගේම් ගහන්නේ නැතුව කෙලින් ඇවිත් මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලා.”

“අද එජාපයේ පාක්ෂිකයන් අසරණ වෙලා,මේ නඩුවට එන මිනිස්සුන්ට තේ කෝප්පයක් අරන් දෙන්න කෙනෙක් නැහැ. මංගල සමරවීර ඇමතිවරයා නඩුවට ඇවිත් වාහනයේ නැගලා මාරු වෙනවා.ඒ නිසා අද එජාපයේ පාක්ෂිකයන්ට වගකියන්න කෙනෙක් නැහැ.අද එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මැතිතුමාත් මේ නඩුව බලන්න ආවා.එතුමත් පැහැදිලිව ප්‍රකාශ කරා මාධ්‍යට මේ නඩුව විසඳගන්න නායකයන්ට මැදිහත් වෙන්න කියලා.අද නඩුවට හැට ගානක් ඉන්නවා, කෝ මේ මිනිස්සුන්ට රැකවරණයක්, බොරුවට ජනප්‍රිය වෙන්නත් තමන්ගේ නායකත්වය රැකගන්නත් කරපු වැඩ නිසා අද එජාප පාක්ෂිකයා බිල්ලට දීලා. මේ අසරණ පාක්ෂිකයන් ගැන හිතා තමන් ඇතුළු පිරිස කටයුතු කරනවා,අපි කියනවා එක්සත් ජාතික පාක්ෂිකයන් ගැනත් ඔවුන්ගේ පවුල්වල යහපතත් සලකා යම් තීන්දුවක් ලබා ගන්න එජාපයේ නායකයට තමන්ගේ පාර්ශවයෙන් වියයුතු යුතුකම් කොටස ඉටු කරන්න කියලා. අපිත් එක්ක එදා එක්සත් ජාතික පක්ෂ ඒකාධිපති නායකයට එරෙහිව කටයුතු කල හැම කෙනෙකු වෙනුවට අපි පෙනී සිටිනවා.” යැයිද ඒ මහතා පැවසිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "කුරුඳු පොලු ගේම් එකේ යට හිටියේ රනිල්" - මෛත්‍රී
"කුරුඳු පොලු ගේම් එකේ යට හිටියේ රනිල්" - මෛත්‍රී
http://am.lk/media/k2/items/cache/ce2dd13ec78d31fe5be3d986bb66004f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_407.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_407.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy