මෙරට ජනප්‍රියම දේශපාලනඥයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවට තමන්ද පිළිගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද ...
මෙරට ජනප්‍රියම දේශපාලනඥයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවට තමන්ද පිළිගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඒ මිහින්තලය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිණි.
අවුරුදු 3ක් මෛත්‍රී මහත්තයා හොඳයි යැයි පවසමින් ආණ්ඩුවේ ඇමතිකම් ගත්ත පුද්ගලයින් පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල දැකලා ලබන සැරේ මන්ත්‍රීකම නැතිවෙයි කියලා 16 දෙනෙකු විරුද්ධ පක්ෂයට ගිය බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයෙක් සිටින පක්ෂය බවත් පත්වුණ සෑම ජනාධිපතිවරයෙක්ම දෙවරක් ජනාධිපති වු බවත් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙවරක් ජනාධිපති කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හයිය ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"මහින්ද මහත්තයා තමයි ජනප්‍රියම දේශපාලඥයා. මහින්ද මහත්තයාගේ ජනප්‍රියතාවයට ඒ ලැබෙන ජන්ද ටික ලැබිලා තමයි අපේ සමහර මන්ත්‍රිලට ගෙදර යන්න වුණේ."
COMMENTS