වනිතා කටයුතු පිළිබද හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් මහත්මියගේ යාපනයේ පිහිටි නිවසට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (17) එතුමියගෙන් කට ...
වනිතා කටයුතු පිළිබද හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් මහත්මියගේ යාපනයේ පිහිටි නිවසට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (17) එතුමියගෙන් කට උත්තර සටහන් කරගෙන තිබේ.
යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමකදී ''එල්.ටී.ටී.ඊ. පාලන සමයේදී මෙවැනි අපරාධ හා අසාධාරණකම් සිදු නොවූ නිසා දැන් උතුරට අවශ්‍යව ඇත්තේ ප්‍රභාකරන්ගේ වැනි පාලන සමයක් යැයි''ප්‍රකාශ කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් පොලීසිය මෙම කට උත්තරය ලබාගෙන තිබේ.
මෙ ප්‍රකාශය නිසා විජයකලා මහේස්වරන් මහත්මියගේ රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ අතර විජයකලා මහත්මිය කළ ප්‍රකාශය සාධාරණීකරණය කිරීම නිසා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතාටද පොලීසියට කට උත්තරයක් ලබා දීමට සිදු විය.
විජයකලා මන්ත්‍රීවරියගේ නිවසට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායම ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව මාධ්‍යවේදීන් මන්ත්‍රීවරියගෙන් ඒ පිළිබදව තොරතුරු විමසා ඇතත් ඇය පවසා ඇත්තේ නීතිමය ප්‍රශ්නයක් ඇති හෙයින් ඒ පිළිබදව තමන්ට යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS