වසර 18ක් තිස්සේ පෞද්ගලික අංශය සතුව තිබූ දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ ඒකාධිකාරී බලය බිඳ දමමින් නැවතත් දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම...
වසර 18ක් තිස්සේ පෞද්ගලික අංශය සතුව තිබූ දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ ඒකාධිකාරී බලය බිඳ දමමින් නැවතත් දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ බලය ජාතික චිත්‍රපට සංස්ථාවට පැවැරීමට ආණ්ඩුව ගත් තීරණය ඉහලින්ම අගය කරන බව ප්‍රවීණ සිනමාවේදී රවීන්ද්‍ර රන්දෙණිය මහතා හා ප්‍රවීණ සිනමාවේදිනි මාලිනී ෆොන්සේකා මහත්මිය කියා සිටිති.
දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ බලය නැවතත් චිත්‍රපට සංස්ථාව වෙත පවරා ගැනීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදී ඔවුන් දෙදෙනා එම කාරණය අවධාරණය කළේය.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවීන්ද්‍ර රන්දෙණිය මහතා මෙසේ පැවැසීය
''දේශීය සිනමාව ආරක්ෂා කිරීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජාතික චිත්‍රපට සංස්ථාව ඇති කර සිංහල චිත්‍රපට ප්‍රචාරණය වෙනුවෙන් 1971 වසරේදී පනතක් ගෙනාවා. එම කාලය තුළ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ඇතිවුණා.
නමුත් 1977න් පසු විවෘත ආර්ථිකය තුළින් විසඳුම් සෙවීම වෙනුවට සිදුවුණේ චිත්‍රපට බෙදාහැරීමේ බලය පෞද්ගලීකරණය කිරීමයි. එමඟින් සංස්ථාවට ලැබෙන්න තියෙන මුදල් පෞද්ගලික අංශය බෙදා ගත්තා.
2001 වසරේදී දේශපාලනය අත්හැරීමට සිදුවූයෙත් මේ නිසයි. අද චිත්‍රපට නිෂ්පාදකයා අන්ත අසරණ තත්ත්වයට වැටිලා. සමහර වෙලාවට නිෂ්පාදකයන් ඉදිරිපත් කරන චිත්‍රපට ගඟට දාන්න කියලා බෙදාහරින්නන් කියූ අවස්ථා තිබෙනවා.
'ඓතිහාසික අවස්ථාවක්'
වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේත් අධි නීතිඥ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගේත් මැදිහත් වීම මත යළි සිංහල සිනමාව ආරක්ෂා කිරීම වෙනුවෙන් සිංහල චිත්‍රපට බෙදාහැරීම ජාතික චිත්‍රපට සංස්ථාව සතු කිරීම ඓතිහාසික සිද්ධියක් බව කිවයුතුයි.
ප්‍රවීණ සිනමාවේදිනි, සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලිනී ෆොන්සේකා මහත්මිය මෙහිදී අදහස් දක්වමින්,
''කලක් තිස්සේ කිසිම ප්‍රතිකර්මයක් නැතිව කර්මාන්තයක් වශයෙන් සිනමාව බිමටම සමතලා වුණා. එබැවින් මෙය ඓතිහාසික අවස්ථාවක්.'' බව කියා සිටියාය.
COMMENTS