පාසලේ ක්‍රීඩා පිට්ටනියට පැමිණ සිටී වන අලින් දෙදෙනෙකු පලවාහැරීමට රක්ෂිතයට යද්දි රක්ෂිතයේ පිරිසක් කසිප්පු පෙරන ජාවාරමක නිරතව සිටින අයුරු ව...
පාසලේ ක්‍රීඩා පිට්ටනියට පැමිණ සිටී වන අලින් දෙදෙනෙකු පලවාහැරීමට රක්ෂිතයට යද්දි රක්ෂිතයේ පිරිසක් කසිප්පු පෙරන ජාවාරමක නිරතව සිටින අයුරු වනජීවී නිලධාරීන්ට අතටම හසු වීමේ අපූරු පුවතක් අද (19) පෙරවරුවේ ගලේවෙල දේවහුව බුදුගේහින්න ප්‍රදේශයේ දී වාර්තා විය.
ගලේවෙල දේවහුව බුදුගේහින්න මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියට උදෑසන වන විට වන අලින් දෙදෙනෙකු පැමිණ රැඳී සිටීම නිසා විද්‍යාලයට පැමිණි දරුදැරියන් විභාගය පැවති දිනයේ දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබිණි.
ඒ අනුව උදෑසන 6.30 සිට 8.30 පමණ දක්වා වන අලින් දෙදෙනා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ රැඳී සිටීමත් සමඟ ගල්කිරියාගම වනජීවී නිලධාරීහු පැමිණ වන අලියා පලවා හැරීමට උත්සාහ කරද්දී වන අලින් දෙදෙනා මාර්ගය හරහා නිවෙස් ආසන්නයෙන් කැලෑවට වැඳුණු බව ප්‍රදේශවාසීහු පවසති.
කෙසේවෙතත් වනජිවි නිලධාරීන් ආසන්නයේ පිහිටි රක්ෂිතයේ වන අලින් දෙදෙනා පලවා හැරීම සඳහා මෙහෙයුමක් දියත් කළහ. ඒ අනුව රක්ෂිතය මැද ගමන් කරමින් සිටියදී වනජිවි නිලධාරීන් ගේ නෙත ගැටුණේ රක්ෂිතය තුල කසිප්පු පෙරමින් සිටින පුද්ගලයන් දෙදෙනකුය . ඔවුන් දෙදෙනා කිසිදු සැකයකින් බියකින් තොරව වනාන්තරය තුල කසිප්පු පෙරන ආකාරය දැක ගැනීමට හැකියාව ලැබිණි. කසිප්පු පෙරමින් සිටි පුද්ගලයන් කියා සිටියේ වන අලින් දෙදෙනා ඒ ඉසවුවෙන් ගිය බවය. වනජීවි නිලධාරීන් ඔවුන්ට කියා සිටියේ වහාම මෙම කටයුත්ත ඉවත්කොට ගල්කිරියාගම වනජීවී කාර්යාලයට පැමිණෙන ලෙසය.
පාසල් දරු දැරියන් මෙදින විභාගය පැවැත්වෙන නිසා රදේශයේ ආරක්ෂාව සලසා දෙන්නැයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිති. පාසලේ සිටි කුඩා දරු දැරියන් මෙන්ම ගුරුවරු කියා සිටියේ උදෑසන අලින් දෙදෙනා පාසලේ පිට්ටනියේ සිටිනු දැක ගැනීමට හැකි වූ බව ය.
ප්‍රදේශවාසීන් කියා සිටින්නේ දිනපතාම වන අලි ගම් වැදීම සිදු වන බවත් එහෙත් අලුයම් කාලය වන විට ඔවුන් ආහාර ගෙන නැවතත් වනයට ගමන් කරන බව ය. එහෙත් මෙදින වන අලින් දෙදෙනෙකුට ගමෙන් පිට වීමට නොහැකිව මේ ආකාරයෙන් රැඳී සිටි බවද ඔවුහු පවසති.
ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීහු ගම් වැදී සිටි මෙම වන අලින් දෙදෙනා ලවා හැරීමට අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළහ.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
COMMENTS