පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද (10) රත්නපුර, ගල්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානය චීවරධාරියෙකු අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලීසිය ...
පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද (10) රත්නපුර, ගල්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානය චීවරධාරියෙකු අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්නපුර පොලීසියේ වරෙන්තු අංශයේ සේවය කරමින් සිටි සමරවික්‍රම නමැති පොලිස් සැරයන්වරයෙකි.
අදාළ පොලිස් සැරයන්වරයා අධිකරණ වරෙන්තු කිහිපයක් තිබූ සැකකාර චීවරධාරියා හමුවීමට අවස්ථා කිහිපයකදී රත්නපුර, ගල්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානය ගොස් තිබුණද, සැකකරු විහාරස්ථානයේ සිට නොතිබිණි.
මේ අතර, අද (10දා) අදාළ පොලිස් සැරයන්වරයා විහාරස්ථානයට ගොස් සිටි අවස්ථාවේදී සැකකාර චීවරධාරියා ඔහුගේ ගෙල සිරකර තිබේ.
පසුව මේ පිළිබඳ ප්‍රදේශවාසීන් විසින් රත්නපුර පොලීසියට කරන ලද දැනුම් දීමක් අනුව පොලීසිය පැමිණ අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි පොලිස් සැරයන්වරයා රත්නපුර මහ රෝහළට ඇතුළත් කර තිබූ අතර, එහිදී ඔහු ජීවිතක්‍ෂයට පත්ව ඇත
අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS