උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවට ජූලි මස 5 වෙනිදාට යෙදී තිබෙන කලුකොටි දිනය සැමරීමට රජයෙන් කිසිදු බාධාවක් නැතැයි පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ...
උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවට ජූලි මස 5 වෙනිදාට යෙදී තිබෙන කලුකොටි දිනය සැමරීමට රජයෙන් කිසිදු බාධාවක් නැතැයි පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ සංගමයේ සභාපති කන්දසාමී ඉන්බරසා ත්‍රිකුණාමළයේ සිට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් මේ වනවිට දේශපාලන පක්ෂයක් පිහිටුවා මැතිවරණ කීපයකටද විවිධ පාර්ශ්ව සමග සම්බන්ධ වෙමින් ඉදිරිපත් වූ බව ඔහු කියා සිටියි.
දැනට භූමිය තුළ ජීවමානව නොසිටින එදා එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සිටි පිරිස් සැමරීමට කිසිදු බාධාවක් නොතිබිය යුතු බව පෙන්වා දෙන එම නායකයා එසේ බාධකයක් තිබේ නම් ඔවුන්ට දේශපාලන කටයුතුවල නිරත වීමටද නොහැකි බව කියා සිටියි.
1971 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ විප්ලවයක් තුළින් බලය ඇල්ලීමට සූදානම් වුවත් එය අසාර්ථක වී 1988 හා 89 කාලයේදී සන්නද්ධ අරගලයක් කළ බව පෙන්වා දෙන පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ සංගමයේ සභාපතිවරයා ඔවුන් වර්තමානයේදී දේශපාලනයට පිවිස එදා ඔවුන්ගේ මියගිය නායකයින් හා සාමාජිකයින් සමරණ අන්දමටම එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයින් කටයුතු කිරීමේ වරදක් නොමැති බවද කියා සිටියි.
එම ලිපිය පහතින්,
(දිනසේන රතුගමගේ)
COMMENTS