ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බිහි කිරීමට සූදානම් වන නව දේශපාලන සන්ධානයේ විශේෂ රැස්වීමක් ඉකුත් බ්‍රහස්පතින්දා පක්ෂ ...
ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බිහි කිරීමට සූදානම් වන නව දේශපාලන සන්ධානයේ විශේෂ රැස්වීමක් ඉකුත් බ්‍රහස්පතින්දා පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
එහිදී මෙම නව සන්ධානය සඳහා ආණ්ඩු විරෝධී සියලු දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීමටද තීරණය කෙරිණි.අලුත් දේශපාලන සන්ධානය පිළිබඳ තම තමන්ගේ දේශපාලන පක්ෂවල මධ්‍යම කාරකසභාවත් සමග සාකච්ඡා කිරීම සඳහා කාලයක් අවශ්‍ය බවය.
ඒ අනුව සති දෙකක කාලයක් ඒ සඳහා ලබා දීමටත් එම සති දෙක ඇතුළත ආණ්ඩු විරෝධී සියලු දේශපාලන හා සිවිල් සංවිධානවල යෝජනා අදහස් ලබාගෙන නව දේශපාලන සන්ධානයේ නම ලාංඡනය ව්‍යවස්ථාව හා නිලධාරී මණ්ඩලය සම්මත කර ගැනීමටත් තීන්දු කළ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන පැවැසීය.
කෙසේ වුවද අගෝස්තු මස අවසන් වීමට පෙර නව දේශපාලන සන්ධානය එළිදැක්වීමට හැකි වෙනු ඇති බවද ඔහු විශ්වාසය පළ කළේය.
COMMENTS