“අලුත්ම බිල්ලකට කොටි යළි නැගිටියි“ යන ශිර්ෂ පාඨය යටතේ රිවිර පුවත්පත විසින් සිදුකළ අනාවරණයකට ඒම පුවත් පතේ සම කතෘ තිස්ස රවින්ද්‍ර පෙරේරා මහත...
“අලුත්ම බිල්ලකට කොටි යළි නැගිටියි“ යන ශිර්ෂ පාඨය යටතේ රිවිර පුවත්පත විසින් සිදුකළ අනාවරණයකට ඒම පුවත් පතේ සම කතෘ තිස්ස රවින්ද්‍ර පෙරේරා මහතා ත්‍රස්ථ විමර්ශන කොට්ඨාශය වෙත අද(20) කැඳවා තිබුණි.
එල්.ටී.ටී.ඊ සංවිධාන පිරිසක් ඔට්ටු සුඩාන් ප්‍රදේශයේදී ක්ලේමෝ බෝම්බ සමඟ පසුගිය ජුනි 22 අත්අඩංගුවට ගැනීමත් සමඟ රිවිර පුවත් පත විසින් “අලුත්ම බිල්ලකට කොටි යළි නැගියිටි“ යන ශිර්ෂ පාඨය යටතේ පුවතක පළ කළ බව සම කතෘවරයා පැවසීය.
එම පුවත්පත අනාවරණය කරන ලද සිද්ධිය රටේ බුද්ධි අංශ විසින් ජාතික ආරක්ෂක මණ්ඩලයටත් ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් පොලිස් මූලස්ථානවලටත් ඉදිරිපත් කර තිබුණු කරනු මත පදනම් කර මෙම අනාවරණ කළ බව තිස්ස රවින්ද්‍ර පෙරේරා මහතා සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙම සිදුවීම ජනතාව දැනුවත් විය යුතු නිසාවෙන් මෙලෙස අනාවරණය කළ බව ඒ මහතා සඳහන් කරයි.
කිසිවිටක ප්‍රකාශ ලබා ගැනීමෙන් වාර්තාකරණය නැවැත්වීමට නොහැකි බවත් රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෑනෙන් කළ හැකි ඕනෑම දෙයක් සිදු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS