දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධ්‍යාපනයට පොරොන්දු වූ 6% : 2025 දක්වා කල් යයි.
Homeගොසිප්

අධ්‍යාපනයට පොරොන්දු වූ 6% : 2025 දක්වා කල් යයි.

PropellerAds

වසර 2025 වන විට අධ්‍යාපනය සඳහා අය-වැයෙන් වෙන් කරන මුදල සියයට 6ක් දක්වා ඉහළ නංවන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි. යහපාල...

සන්ධාන රජයක් බිහිකරන්න - UPFA ජනපතිට කියයි.
මිහින් හා ශ්‍රී ලංකන් ජනපති කොමිසමට පත්වීම් ලිපිදෙයි
සිරිපාල අගමැති කරන්න රතන හිමි සටනේ.

වසර 2025 වන විට අධ්‍යාපනය සඳහා අය-වැයෙන් වෙන් කරන මුදල සියයට 6ක් දක්වා ඉහළ නංවන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

යහපාලන ආණ්ඩුව රජය බාර ගන්නා විට වසර 2015 දී අධ්‍යාපනයට අය-වැයෙන් වෙන් කළේ සියයට 1.46ක් බවත් එම ප්‍රතිශතය වත්මන් ආණ්ඩුව බලයට පත් වූ විට සියයට 3.5ක් දක්වා ඉහළ නැංවූ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මුල් ළමාවිය සංවර්ධනයේ දී දරුවන්ට ලබාදෙන අධ්‍යාපනයේ සාර්ථකභාවය මඟින් රටේ සංවර්ධනය තීරණය කරන බවත් ඒ කරුණ සැලකිල්ලට ගනිමින් අධ්‍යාපනයට වෙන් කරන මුදල් වාර්ෂිකව ඉහළ නැංවීමට යහපාලන ආණ්ඩුව පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා පැවැසුවේය.

'ශ්‍රී ලංකාවේ පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ රැස්වීමක්' යන මැයෙන් යුනිසෙෆ් ආයතනය සංවිධායකත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැති වැඩසටහනට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (16) ප්‍රකාශ කළේය.

මෙරට ප්‍රජාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම රජයේ අරමුණ බවත් මහා පරිමාණයේ ව්‍යාපාර කරන්නන් පමණක් නොව, සුළු ව්‍යාපාර කරන පුද්ගලයන්ට ද ආර්ථික මට්ටම ඉහළ නංවා ගැනීමට සහන සැලසීම කරන බවත් ඇමැතිවරයා මතක් කළේය.

රටේ පුද්ගලයන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ දී ප්‍රජාවගේ අධ්‍යාපනය විශේෂ වැදගත්කමක් දරන්නේ යැයි ද, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව යන කාරණාවේ දී කාන්තාවගේ අධ්‍යාපනය ද සැලකිල්ලට ගැනෙන්නේ යැයි ද ඇමැතිවරයා කීය.

උපතේ සිට අවුරුදු පහක් දක්වා දරුවන්ගේ සෞඛ්‍ය, පෝෂණය, අධ්‍යාපනය සහ ආරක්ෂාව සඳහා ආයෝජනය කිරීම මඟින් දරුවන්ට ඔවුන්ගේ පූර්ණ ඥාන ශක්තිය සහ හැකියාව ලැබෙන අතර එය අනාගත ආර්ථික වර්ධනය සඳහා ඉවහල් වන වඩාත්ම ඵලදායී කාරණයක් වන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසීය.

මේ අවස්ථාවට රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා, ළමයින් සඳහා වන පාර්ලිමේන්තු දේශපාලන බල මණ්ඩලයේ සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. රුවන්චන්ද්‍ර, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මානව සංවර්ධන මහාචාර්ය එඩ්වඩ් මැල්හූෂ් මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධ්‍යාපනයට පොරොන්දු වූ 6% : 2025 දක්වා කල් යයි.
අධ්‍යාපනයට පොරොන්දු වූ 6% : 2025 දක්වා කල් යයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmZO-VQ9qp6YSjntQD1FMTME0DoOzUJMiYWtlTM6j3A-IFSXKX1PuwQrHJtH8ekU-rKn8Kpac4KO-1clvzNBoF5FfVmJLEj3Pf5dZGVt6PcOLzVrT4zL9-wPaMYugZa_3dFKyYxze8Pxk/s1600/PIC+01.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmZO-VQ9qp6YSjntQD1FMTME0DoOzUJMiYWtlTM6j3A-IFSXKX1PuwQrHJtH8ekU-rKn8Kpac4KO-1clvzNBoF5FfVmJLEj3Pf5dZGVt6PcOLzVrT4zL9-wPaMYugZa_3dFKyYxze8Pxk/s72-c/PIC+01.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/6-2025.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/6-2025.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy