කොළඹ නගරයේ කිලෝවොට් 132 විදුලි පද්ධතියේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 25 වැනි දා සිට 31 වැනි දා දක්වා කොළඹ නගරයේ ස්ථ...
කොළඹ නගරයේ කිලෝවොට් 132 විදුලි පද්ධතියේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 25 වැනි දා සිට 31 වැනි දා දක්වා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක්ම විටින් විට විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි යැයි විදුලිබල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මේ මස 27 වැනි දා පෙරවරු 9 සිට පස්වරු 3දක්වා කාලය තුළ කොළඹ 3, කොළඹ 4, කොළඹ 5, කොළඹ 7 සහ කොළඹ 8 යන ප්‍රදේශවල විදුලිය විසන්ධි කර තබන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව ඉහත සඳහන් ප්‍රදේශවල මේ වස 25 වැනි දා සිට 31 වැනි දා දක්වා කඩින් කඩ විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS