ටෙලිශාන් නෙට්වර්ක් (පුද්ගලික) සමාගමට අයත් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය අද (05)දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අපරාධ පරී...
ටෙලිශාන් නෙට්වර්ක් (පුද්ගලික) සමාගමට අයත් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය අද (05)දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වටලා එම විකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
එසේ සිදු කරනු ලැබුවේ අධිකරණයෙන් ලබා ගත් අවසරයක් මත බව එම කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
පොල්ගහවෙලින් සිදු කරන ලද විකාශනයන් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා ගත යුතු වාර්ෂික විකාශන බලපත්‍රය මෙතෙක් ලබා ගෙන නොතිබීම මෙයට මුලික හේතුව වන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
එවැනි නිසි බලපත්‍රයක් නොමැතිව සංඛ්‍යාත විමෝචක උපකරණ භාවිතා කිරීම 1991අංක 25 දරණ විදුලි සංදේශ පනත හා සංශෝධිත 1996 අංක 27 දරන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසූවේ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් අධිකරණ නියෝගයකට අනුව, එම විකාශන මධ්‍යස්ථානයේ තිබු විකාශන උපකරණ පොලිස් බාරයට ගෙන ඇති බවයි.
විදුලි සංන්දේශ නියාමන් කොමිෂන් සභාව විසින් ඊයේ(04) දිනයේ දී අවසරයකින් තොරව විදුලි කුළුණු පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
එම පැමිණිල්ල අනුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අදාළව විමර්ශනයක් සිදු කරන ලෙසට හා එහි ඇති විකාශන උපකරණ, පොලිස් බාරයට ගන්නා ලෙසට නියෝග කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ වනවිට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහයෝගයෙන් පොල්ගහවෙල පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරයි.
කෙසේ වෙතත් ටීඑන්එල් රූපවාහිණියේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට සඳහන් කළේ සිය නාලිකාවේ පොල්ගහවෙල විකාශණාගාරයට මුද්‍රා තබා එහි වටිනා භාණ්ඩ රැගෙන යාමට එරෙහිව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
COMMENTS