ටීඑන්එල් රූපවාහිනියේ විකාශණාගාරකට මුද්‍රා තබා ඇති බව එම ආයතනය සදහන් කරයි. මේ වනවිට පොල්ගහවෙල විකාශනාගාරය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව...
ටීඑන්එල් රූපවාහිනියේ විකාශණාගාරකට මුද්‍රා තබා ඇති බව එම ආයතනය සදහන් කරයි.
මේ වනවිට පොල්ගහවෙල විකාශනාගාරය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සීල් තබා ඇති බව ටීඑන්එල් නාලිකාවේ නිල ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත.
මේ වන එහි උපකරණ ගෙන යාමට කටයුතු කරමින් සිටින බවද එම සටහනේ දැක්වෙයි.
ටීඑන්එල් රූපවාහිනි නාලිකාවේ හිමිකරු වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික‍්‍රමසිංහ මහතායි.
ටීඑන්එල් නාලිකාවේ ෆේස්බුක් සටහන පහතින්,
අප ආයතනයේ පොල්ගවෙල විකාශනාගාරය විදූලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ( TRC ) මුද්‍රා තබා තිබේ.
විකාශනාගාරය සතු උපකරණ රැගෙන යාමට ඔවුන් කටයුතු කරමින් සිටි.....
අප ආයතනය විසින් නියමිත ගෙවිම් නියමිතව සිදූකර තිබීයදීත් මෙසේ කටයුතු කිරිම අප ආයතනය විසින් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු.
COMMENTS