දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැති රනිල්ගේ අයියාගේ TNL සීල් කිරීම පිළිබඳව සම්පුර්ණ කතාව [Exclusive]
Homeගොසිප්

අගමැති රනිල්ගේ අයියාගේ TNL සීල් කිරීම පිළිබඳව සම්පුර්ණ කතාව [Exclusive]

PropellerAds

ටෙලිශාන් නෙට්වර්ක් (පුද්ගලික) සමාගමට අයත් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය අද (05)දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අපරාධ ප...

කාජල්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දාපු පිංතුර වල කතාව
රයන් වැන්රොවන් ඇතුළු පිරිස සමග අමල් පෙරේරා ගයන මල්පිටමල් (video)
රනිල්ගෙන් ලතීෆ්ට තෑන්කින් ලෙටර් එකක්



ටෙලිශාන් නෙට්වර්ක් (පුද්ගලික) සමාගමට අයත් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය අද (05)දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වටලා එම විකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගත් බවත් එසේ සිදු කරනු ලැබුවේ අධිකරණයෙන් ලබා ගත් අවසරයක් මත බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

TNL හොර වැඩක

පොල්ගහවෙලින් සිදු කරන ලද විකාශනයන් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා ගත යුතු වාර්ෂික විකාශන බලපත්‍රය මෙතෙක් ලබා ගෙන නොතිබීම මෙයට මුලික හේතුව වන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

එවැනි නිසි බලපත්‍රයක් නොමැතිව සංඛ්‍යාත විමෝචක උපකරණ භාවිතා කිරීම 1991අංක 25 දරණ විදුලි සංදේශ පනත හා සංශෝධිත 1996 අංක 27 දරණ පනත යටතේ දඬුයම් ලැබිය හැකි වරදක් වන බව ද ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.

විකාශනය ඇනහිටී

මේ හේතුවෙන් TNL මාධ්‍ය ජාලයට අයත් පොල්ගහවෙල ප්‍රතිවිකාශන මධ්‍යස්ථානයේ මේ වන විට විකාශන කටයුතු ඇණහිට තිබේ.

ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් අධිකරණ නියෝගයකට අනුව, එම විකාශන මධ්‍යස්ථානයේ තිබු විකාශන උපකරණ පොලිස් බාරයට ගැනීමෙන් පසුවයි.

එම මධ්‍යස්ථානයේ කටයුතු අක්‍රිය වීමත් සමඟ සබරගමුව, වයඹ හා බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක විකාශන කටයුතුවලට අවහිරතා මතුව ඇති බව ද TNL රූපවාහිනි සේවය සඳහන් කරයි.

පොලිසියේ පිළිතුර

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ, විදුලි සංන්දේශ නියාමන් කොමිෂන් සභාව විසින් ඊයේ (04) දිනයේ දී අවසරයකින් තොරව විදුලි සංදේශ කුළුණක් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බවයි.

එම පැමිණිල්ල අනුව පොලීසිය විසින් අධිකරණය හමුවේ මෙම කරුණු ඉදිරිපත් කිරීම සිදු කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේය.

ඒ පිළිබඳව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අදාළව විමර්ශනයක් සිදු කරන ලෙසට හා එහි ඇති විකාශන උපකරණ, පොලිස් බාරයට ගන්නා ලෙසට නියෝග කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මේ වන විට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහයෝගයෙන් පොල්ගහවෙල පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

TNL පිළිතුර

කෙසේ නමුත් අප TNL නාලිකාවේ පාලන අධිකාරියෙන් මේ පිලිබඳ වැඩිදුර විමසීමක් කරනු ලැබූ අතර ඒ අනුව විස්තර මෙසේය. 

පොල්ගහවෙල ඕලුමුවා කන්දේ පිහිටි සිය විකාශනාගාරය බලපත්‍ර රහිතව පවත්වාගෙන යනු ලබන බවට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඊයේ (04) දින පොල්ගහවෙල පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලක් මත එයට මුද්‍රා තබා එහි සන්නිවේදන උපකරණ අධිකරණය හමුවට පැවරිය යුතු බවට දැනුම්දී ඇති බවත් ඒ අනුව මේ වන විට (අද දහවල්) එහි සන්නිවේදන උපකරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට බව පවසමින් විකාෂනාගාරයෙන් බැහැරට ගෙනයමින් පවතින බව අප සමඟ සඳහන් කළේය. 


වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ තම ආයතනය TRC ආයතනය මගින් ලබාගත් නිල බලපත්‍රයක් සහිතව මෙය පවත්වාගෙන යන බවත් ගෙවිය යුතු මුදල් ආදියද මේ වනවිට ගෙවා ඇති බැවින් මෙලෙස TRC කටයුතු කිරීම සැක සහිත බවයි. TNL පුවත් අංශය විසින් පසුගියදා රටේ ඉහලම තනතුරක් දරන පුද්ගලයෙක් පිලිබඳ හෙළිකිරීම් කිහිපයක් සිදුකර ඇති බැවින්, ඒ හේතුවෙන් මෙලෙස දේශපාලන පලිගැනීම් සිදුකරන්නේද, යන සැකය පවතින බවත් එහිදී සඳහන් කළේය.

බුකියත් ඇවිලේ 

මේ සම්බන්ධයෙන් පළවූ ෆේස්බුක් සටහන් කිහිපයක් පහතින්,










Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැති රනිල්ගේ අයියාගේ TNL සීල් කිරීම පිළිබඳව සම්පුර්ණ කතාව [Exclusive]
අගමැති රනිල්ගේ අයියාගේ TNL සීල් කිරීම පිළිබඳව සම්පුර්ණ කතාව [Exclusive]
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjt8zwOpa7WNV-BTGVzPFkiAyH77xvEnruyEi5OB-ITv1kjnpamOic82Jt-u5ynNDdX_kn-JF__dmx5svN5TtuB6YloP_5C1gqzmKt8ygoQUxIqQ_dTT83lqx9lew-Z17zDXy_DMy-Tykw/s1600/tnl.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjt8zwOpa7WNV-BTGVzPFkiAyH77xvEnruyEi5OB-ITv1kjnpamOic82Jt-u5ynNDdX_kn-JF__dmx5svN5TtuB6YloP_5C1gqzmKt8ygoQUxIqQ_dTT83lqx9lew-Z17zDXy_DMy-Tykw/s72-c/tnl.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/tnl-exclusive.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/tnl-exclusive.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy