දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි.
Homeගොසිප්

Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි.

PropellerAds

ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන Huawei විසින් නවතම මූලික පරාසයේ ස්මාර්ට්ෆෝනයක් ශ්‍රී ලංකාවට හඳුන්...

හම්බන්තොට කලබලයේ 52 ක් අත්අඩංගුවට
හම්බන්තොට කලබලය සිරස වීඩියෝව
පිළිකා රෝහ‍ලේ වෛද්‍යවරුන් 14 එකවර ඩෙන්මාර්ක් යාම ගැන cid විමර්ශන


ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන Huawei විසින් නවතම මූලික පරාසයේ ස්මාර්ට්ෆෝනයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. Huawei හි අතිසාර්ථක Y කාණ්ඩයේ ස්මාර්ට්ෆෝනයක් ලෙස හඳුන්වා දෙන මෙම ස්මාර්ට්ෆෝනය Android Oreo 8.1.0 පහසුකම යටතේ හඳන්වා දෙන අතර සංවේදී ස්පර්ශක තිරයකින්ද යුක්ත වෙයි.

සෑම පුද්ගලයෙකුටම ස්මාර්ට්ෆෝනයක් අත්පත් කරගැනීමේ අපේක්ෂාව මුදුන්පමුණුවා ගැනීම සඳහා අවස්ථාව උදාකරදෙමින් මෙම ස්මාර්ට්ෆෝනය පාරිභෝගිකයින් වෙත හදුන්වා දෙයි. Huawei Y5 Prime 2018 ස්මාර්ට්ෆෝනය 5.45" HD+ (1440 x 720) අල්ට්‍රා තිරයකින් සමන්විත වන අතර භාවිතයට ඉතා පහසු මටසිළුටු නිමාවකින් යුක්තව නිපදවා තිබේ.මෙහි ඇති රාමුව ඉතා සියුම් වීම නිසා පුළුල් තිරයක් මත පහසුවෙන් චිත්‍රපට නැරඹිම සහ තිරයේ දිස්වන කරුනු වැඩි පරාසයක් තුළ කියවීම සිදුකළ හැකිවනු ඇත.

13MP ඉදිරිපස කැමරාවකින් සහ 5MP පසුපස කැමරාවකින් සමන්විත වන මෙම Huawei Y5 Prime 2018 ස්මාර්ට්ෆෝනය සෙල්ෆි ඡායාරූප ගැනීම පහසු කරවන ෆ්ලෑෂ් එකකින් ද යුක්ත වෙයි. HDR වීඩියෝගත කිරීම් පහසු කරවන උපාංග රැසකින් සමන්විත මෙම ස්මාර්ට්ෆෝනය 3020mAh බැටරියකින් යුක්ත වන අතර බැටරි බලය ආරක්ෂා කිරීමේ තාක්ෂණික උපාංග වලින්ද මෙම ස්මාර්ට්ෆෝනය සමන්විත වෙයි. බැටරියේ බලය ආරක්ෂා කර දෙන Quad core A53 චිප්සෙට් එකකින් සමන්විත මෙම ස්මාර්ට්ෆෝනය සිම්පත් දෙකක් සහ මෙමරි කාඩ්පතක් (256 GB දක්වා වැඩිදියුණු කළ හැකි ) භාවිත කළ හැකිවන ආකාරයට නිපදවා තිබේ. එමෙන්ම අතින් අල්ලා ගැනීම පහසු වන ආකාරයට මෙය නිපදවා තීබීම ද විශේෂත්වයකි.

Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි පීටර් ලියු මහතා සඳහන් කළේ සම්පුර්ණ තිරය සහිත මූලික මට්ටමේ ස්මාර්ට්ෆෝනයක් ලෙස මෙම නවතම Huawei Y5 Prime 2018 මෙරටට හඳුන්වා දෙන බවයි. උසස්තම තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත වන මෙම ස්මාර්ට්ෆෝනය තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් නිපදවා ඇති බව හෙතෙම සඳහන් කළේය. සිය පාරිභෝගිකයින්ගේ ආකල්ප සහ අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් Huawei විසින් ස්මාර්ට්ෆෝන් හඳන්වා දෙන බවත් මෙය එහි එක් පියවරක් බවත් හෙතෙම සඳහන් කළේය.

නිල්, කළු, සහ රන්වන් පැහැයෙන් මිලදී ගත හැකි මෙම ස්මාර්ට්ෆෝනය ග්‍රෑම් 142 ක බරකින් යුක්ත වෙයි. 146.5mm x 70.9mm x 8.3mm යන උස, පළල සහ ඝනකමකින් යුක්ත මෙම ස්මාර්ට්ෆෝනයෙන් 73.7%ක ප්‍රමාණයක් පුරා තිරය විහිදී තිබීම විශේෂත්වයකි. තනි අතින් පහසුවෙන් අල්ලා ගත හැකි ආකාරයට නිපදවා ඇති මෙම ස්මාර්ට්ෆෝනය භාවිත කිරීමේ පහසුව උපරිම මට්ටමින් ලබාදෙමින් නිපදවා තිබීම ද සුවිශේෂිතාවයකි.

රුපියල් 21,900/- ක් වැනි දැරිය හැකි පහසු මිලකට වෙළඳ පලට එන මෙම Huawei Y5 Prime 2018 ස්මාර්ට්ෆෝනය දිවයින පුරා පිහිටි Huawei මධ්‍යස්ථාන වලින් සහ මෙරට ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා හි පුළුල්තම අලෙවි ජාලයට අයත් සිංගර් මෙගා, සිංගර් ප්ලස්, සහ සිසිල් වර්ල්ඩ් ආදී ආයතන වෙතින් මෙන්ම 420 කට අධික අලෙවි නියෝජිත ජාලයෙන් සහ දිවයින පුරා පිහිටි 1500 කට අධික ඩිජිටල් මාධ්‍ය අලෙවි සැල් වෙතින් මිලට ගැනීමට හැකියාව ඇත.

Huaweiසන්නාමය Fortune 500 ශ්‍රේණිගත කිරීම් අතර මුල් සන්නාම 100 අතරට එක්වෙමින් 83 වන ස්ථානය හිමිකර ගත්තේය. එමෙන්ම ලොව වටිනාතම සන්නාම දැක්වෙන 2018 වසරේ ෆෝබ්ස් වාර්තා අතර 79 වන ස්ථානයද, හිමිකරගත් Huawei සිය සන්නාම වටිනාකම 22% කින් ඉහළ නංවා ගනිමින් පසුගිය වසරේ සහ මේ වනවිට ලොව ප්‍රකට BrandZ’s Top 100 වාර්තාවට අනුව 48 වන ස්ථානය හිමිකරගෙන සිටියි. Huawei සන්නාමය 2018 වසරේ වටිනාතම සන්නාමයක් ලෙස Brand Finance Global 500 වාර්තාව විසින්ද තහවුරු කර ඇති අතර එහි 25 වන ස්ථානය හිමිකරගැනීමට Huawei මෑතකදී සමත්විය.

ලොව ප්‍රකට Interbrand’s හි හොඳම සන්නාම අතර 70 වන ස්ථානය හිමිකර ගැනීමද Huawei සන්නාමය ලද සුවිශේෂී ජයග්‍රහණයකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි.
Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTtkqGrSgOo7Sgn4JuCt9Ljev6Zx7GX9ZE6t2pHveaNRkFFqYUupFaOM_-I5jNoM2l5ylEUi-leOrHgXEGSQN9AR1h65ZtQAC_0MHFrcrIRiSpJafYrsQUEjBiAKpwxY2ax73B57518Jo/s1600/Huawwei1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTtkqGrSgOo7Sgn4JuCt9Ljev6Zx7GX9ZE6t2pHveaNRkFFqYUupFaOM_-I5jNoM2l5ylEUi-leOrHgXEGSQN9AR1h65ZtQAC_0MHFrcrIRiSpJafYrsQUEjBiAKpwxY2ax73B57518Jo/s72-c/Huawwei1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/huawei-y5-prime-2018.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/huawei-y5-prime-2018.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy