විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදල් මඟින් පර්පචුවල් සමාගමේ දූෂිත බැඳුම්කර වංචාවට රුපියල් මිලියන දහසකට ආසන්න මුදලක් සපයා ඇතැයි ශ...
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදල් මඟින් පර්පචුවල් සමාගමේ දූෂිත බැඳුම්කර වංචාවට රුපියල් මිලියන දහසකට ආසන්න මුදලක් සපයා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
බැඳුම්කර හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට රුපියල් මිලියන 141ක පාඩුවක් සිදුවී ඇතැයි උසස් අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති නමුත් දැනට අනාවරණ වී ඇති එහි අවම පාඩුව රුපියල් මිලියන 146 ඉක්මවන බවත් මෙවැනි බැඳුම්කර කොපමණ සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදල මිලදී ගෙන ඇතිද යන්න තවමත් අනාවරණය වී නැතැයිද එම සංවිධානය පෙන්වා දෙයි.
සුළු පරිමාණ ආයෝජන කමිටුව සෑම මාසයකට වරක් අධීක්ෂණ මණ්ඩලය වෙත වාර්තා ඉදිරිපත් කළ යුතු වනු ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ලේකම් හා මුදල් අංශයේ ප්‍රධානියා යන තිදෙනා එම අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වන බව එම සංවිධානය පෙන්වාදී ඇත.
එයට අමතරව විශ්වවිද්‍යාල උපකුලපතිවරයකු, ආර්ථික විද්‍යා හා කළමනාකරණ විශේෂඥයකු (මහාචාර්යවරයකු) සහ රජයේ නියෝජිතයන් මෙම අධීක්ෂණ කමිටුවට ඇතුළත් බව වාර්තා වේ.
දූෂිත බැඳුම්කර වංචාව සිදුවී වසර තුනක් ගතවී ඇතත් එම අධීක්ෂණ කමිටුව එකම අවස්ථාවකදී හෝ මෙම දූෂිත බැඳුම්කර ගනුදෙනුවෙන් විශ්වවිද්‍යාල අරමුදල් සඳහා සිදුව ඇති රුපියල් මිලියන 146කට වැඩි පාඩුව පිළිබඳ නිරීක්ෂණය කර නැතැයි වාර්තා වේ.
ඒ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරුන් වූ මහාචාර්ය ශානිකා හිරිඹුරේගම, මහාචාර්ය මොහාන් සිල්වා, ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර, ගණකාධිකාරි උභයකුල රණවීර යන අය කරුණු පැහැදිලි කළ යුතුව ඇතැයි එම සංවිධානය පෙන්වාදී ඇත.
මෙම අනාවරණය බැඳුම්කර වංචා විමර්ශනය නව මානයකට යොමු කරනු ඇතැයිද බැඳුම්කර වංචාවේ මේ වන විට චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් නොව සැබෑ මහමොළකරුවන් තවමත් අමාත්‍ය ධුර දරමින් සිටින බව පැහැදිලි වන බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.
බැඳුම්කර වාර්තාවේ ඇමුණුම් ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකිරීමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ එම ගනුදෙනුව සම්බන්ධ සියලු පාර්ශ්ව විසින් මෙම ජාතික අපරාධයේ සැබෑ මූල්‍ය හානිය වසන් කරමින් සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්ගේ අස්සනින් නිකුත් කර ඇති නිවේදනය මඟින් පෙන්වාදී ඇත.
මහ බැංකු බැදුම්කර වංචාව සිදුවන අවස්ථාවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කබීර් හෂීම් මහතා එම වංචාව සිදුකරන ලද දිනට පෙර දින උදෑසන අර්ජුන් මහේන්ද්‍රන් හා මලික් සමරවික්‍රම යන මහත්වරුන් හමුවී සාකච්ඡා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
බැඳුම්කරය ගැන නීතිපති, ජනපති ලේකම්ට දැනුම් දෙයි
මේ අතර මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිෂන් වාර්තාවේ ඇතැම් ඇමුණුම් ප්‍රසිද්ධි කළ නොහැකි බව නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබේ.
එම ඇමුණුම් ප්‍රසිද්ධ කිරීම තුළින් දැනට විභාග වෙමින් පවතින නඩු කටයුතුවලට බාධාවක් විය හැකි බව නීතිපතිවරයා පෙන්වා දී ඇත.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වෙත ලිඛිතව නීතිපතිවරයා විසින් අදාළ දැනුම්දීම සිදුකර තිබේ.
මහබැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ජනපති කොමිෂන් සභා වාර්තාවේ අඩංගු බවට තොරතුරු පලවීමත් සමඟ එම වාර්තා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා තිබිණි.
අදාළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නිතිපතිවරයා පෙන්වා දී ඇත්තේ කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් ඇමුණුම් ප්‍රසිද්ධ කිරීමෙන් විභාග වෙමින් පවතින අපරාධ නඩු සහ සිවිල් නඩුවලට බාධාවක් විය හැකි බවයි.
COMMENTS