දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජපක්ෂ කඳවුර රත් වෙයි : ගෝඨා, ගෙට ගන්න යයි.
Homeගොසිප්

රාජපක්ෂ කඳවුර රත් වෙයි : ගෝඨා, ගෙට ගන්න යයි.

PropellerAds

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සම්බන්ධව මතුව තිබෙන විවේචනය දේශපාලන අනාගතයට අහිතකර බවත් එහෙයින් ඔහුව ප්‍රස...

චීන ශ්‍රමිකයින්ගෙන් හම්බන්තොට වැසියන්ට හිරිහැර- ප්‍රදේශයම ජරා කරලා
කෘත්‍රිම වැසි සමග කෘත්‍රිම හෙණ නොමිලේ (බදාදා කාටූන්)
විදුලි කප්පාදුව සිංහල අවුරුද්ද වෙනකං යාවි - රවී කියයි


ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සම්බන්ධව මතුව තිබෙන විවේචනය දේශපාලන අනාගතයට අහිතකර බවත් එහෙයින් ඔහුව ප්‍රසිද්ධ වේදිකාවෙන් උපක්‍රමශීලී ලෙස පසුපසට ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ගෝඨාභයගේ දේශපාලන කටයුතු වලදී  ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධව කිසිඳු ස්ථාවරයක් ප්‍රකාශ නොවීමත් ඔහු සමඟ සිටින විශ්‍රාමික හමුදා ජනරාල්වරුන්ගේ "අනාගත දේශප්‍රේමී පාලනයක් විරුද්ධවාදීන් යටතේ එල්ලා මරණ" බවට සිදුකරන ප්‍රකාශ සම්බන්ධව ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් පවා විවේචනාත්මකව සංවාදයක් ආරම්භ වී තිබීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්  ලබාදී ඇති උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

එහිදී පොදුජන පෙරමුණේ උපදේශක ආචාර්යවරුන් පෙන්වාදී ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව පොදුජන පෙරමුණේ දේශපාලන පණිවිඩය නිවැරදිව ජනතාවට නොයන බවත් ඒ වෙනුවට ගෝඨාභය පාලනයක් යටතේ අනාගත ලංකාවට කුමක්වේද වැනි මාතෘකාවක් වෙත දේශපාලන සංවාදය යොමුව තිබෙන බවත්ය.

පොහොට්ටුවේ නායකයින් දෙදෙනෙක් !

එසේම ඒ හමුවේ මහින්ද රාජපක්ෂ වෙනුවට ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය කේන්ද්‍ර දෙකක් බවට පත්ව ගෝඨාභය රාජපක්ෂ වටා නව කේන්ද්‍රයක් බිහිවී ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.

තවද ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙතෙක් කලක් පාලනය කිරීමේ හැකියාව පොදුජන පෙරමුණ සතුව තිබු නමුත් මේ වන විට එය ගිළිහෙමින් ඇති බවත් කුඩා පක්ෂ තම පාර්ශවයේ මතය ලෙස විවිධ ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කරමින් සිටින බවද ඔවුන් පෙන්වාදී ඇති බවද වාර්තා වෙයි.

බැසිල් - මහින්ද : ගෝඨාභයව පස්සට ගන්න බරටම වැඩ !

දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරන ආකාරයට පසුගියදා හිටපු මන්ත්‍රී  බැසිල් රාජපක්ෂ විසින් රාජපක්ෂ පාලන සමයේ පැවති විරෝධතා මර්දනය කිරීම සඳහා  ගෝඨාභයගේ මුලිකත්වයෙන් දියත්වූ රතුපස්වල ඝාතනය, හලාවත ධීවර ඝාතනය, කටුනායක වෙළඳ කලාපයේ රොෂේන් චානක ඝාතනය වැනි සිදුවීම් සිහිපත් කර නැවත එවැන්නක් සිදුවීමට ඉඩ නොදෙන බව සඳහන් කර ඇත්තේ මෙම පොදුජන පෙරමුණේ උපදේශකවරුන්ගේ දැනුම්දීම අනුවය.

එසේම පසුගියදා හිටපු මන්ත්‍රී  කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ පැවති  ඉෆ්තාර් උත්සවයකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිංහල මුස්ලීම් ජනතාව අතර හිත රිදීම් වර්ධනය කල මහනුවර , බේරුවල වැනි සිදුවීම් නැවත සිදුවීමට ඉඩ නොතබන බවට ප්‍රකාශ කර ඇත්තේද එම උපදෙස් අනුව යමින් බවද වාර්තා වෙයි.  

එසේම එහිදී හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂයේ එක්වීමක් පිළිබඳ මෙතෙක් කිසිදු සාකච්ඡාවක්කර නැති බවත් එවැනි යෝජනාවක් මෙතෙක් එම පාර්ශ්වයෙන් ලැබී නැතැයි ද සඳහන් කර ඇත්තේ පොදුජන පෙරමුණ තුළ සහ ඒකාබද්ධ විපක්ෂය තුළ ගෝඨාභය පාර්ශවය විසින්  ශ්‍රීලනිප හවුලක් ගැන පලකරන පුවත් වල විශ්වසනීයත්වය දුර්වල කිරීමට බවද දැනගන්නට ඇති බව  දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජපක්ෂ කඳවුර රත් වෙයි : ගෝඨා, ගෙට ගන්න යයි.
රාජපක්ෂ කඳවුර රත් වෙයි : ගෝඨා, ගෙට ගන්න යයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAxrwcUBj9IU7vqoYXBgAkuwMoDMeFZ0Xpsu4X-C_E460LrKHRSj9wOCPCcHhkQ8tRnu3DcrN8lETZCQ9o5yLVOi7-LL9Ft-tYS0dxdaq6ilfUn1_5fb3IOJbSoS1HYVTkjE4raI-TIHw/s1600/basil-gotabhaya-mahinda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAxrwcUBj9IU7vqoYXBgAkuwMoDMeFZ0Xpsu4X-C_E460LrKHRSj9wOCPCcHhkQ8tRnu3DcrN8lETZCQ9o5yLVOi7-LL9Ft-tYS0dxdaq6ilfUn1_5fb3IOJbSoS1HYVTkjE4raI-TIHw/s72-c/basil-gotabhaya-mahinda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_794.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_794.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy