මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත් කෙරෙනු ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි. ඔ...
මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත් කෙරෙනු ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි. ඔහු දැනට දරන ජනාධිපති ලේකම් ධූරයෙන් ඉවත්වීමට කැමැත්ත පළ කර ඇති නිසා මෙම තනතුරට පත් කිරීමට යෝජනා වී තිබේ.
දැනට මාස තුනක් තිස්සේ පුරප්පාඩුව පවතින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධූරයට පත් කිරීමට මෙයට පෙර යෝජනා කර තිබුණේ දකුණු කොරියාවේ දැනට සිටින තානාපතිනී මනීෂා ගුණසේකර මෙනෙවියයි.
ඒ අතර ළඟදී නිල කාලය හමාර වන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය දරන චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය වෙනුවට විදේශ අමාත්‍යංශ අධ්‍යක්ෂ ජනරාල්වරියක වන මහේෂිණී කොළොන්නේ මහත්මියගේ නම යෝජනා වී ඇතැයි වාර්තා වේ.
එහෙත් දැනට වසරකට ආසන්න කාලයක් පුරප්පාඩු පවත්නා අමෙරිකා එක්සත් ජනපදයේ තානාපති ධූරයට සුදුස්සකු නම් නොකිරීම ගැන රාජ්‍ය තාන්ත්‍රික අංශ ප්‍රශ්න මතුකර ඇතැයි වාර්තා වෙයි.
(දේශය)
COMMENTS