ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යානාවල ගමන් ගන්නා ගුවන් යානාවල ගමන් ගන්නා මගීන්ගේ විනෝදාස්වාදය සදහා භාවිත කළ හැකි පහසුකම් පිළිබඳව පත්‍රිකා ...
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යානාවල ගමන් ගන්නා ගුවන් යානාවල ගමන් ගන්නා මගීන්ගේ විනෝදාස්වාදය සදහා භාවිත කළ හැකි පහසුකම් පිළිබඳව පත්‍රිකා සහ විස්තරාත්මක තොරතුරු ඇතුළත් සඟරා සැපයීම සඳහා විදෙස් සමාගමක් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 5.92ක කොන්ත්‍රාත්තුවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එළැඹෙන අගෝස්තු මස 1 වැනිදා සිට වසර 3ක කාල සීමාවක් සඳහා “ඉන්ලයිෆ් ඩබ්ලින්” නමැති සමාගම වෙත මම කොන්ත්‍රාත්තුව ලබා දීමට නියමිතය.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙම අනුමැතිය හිමි වී තිබේ.
COMMENTS