ඩිලාන් පෙරේරා අභියෝග කරන්නේ තමන්ට නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බව වාරි මාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානා...
ඩිලාන් පෙරේරා අභියෝග කරන්නේ තමන්ට නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බව වාරි මාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඒ ඊයේ වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“2015 ජනවාරි මාසේ 08 වෙනිදා ජනාධිපතිවරණයට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට වැඩ කලේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයටනේ. හැබැයි දුමින්ද දිසානායක විතරයි නැවත වරක් ඒ පක්ෂයෙන්ම ජන්දය ඉල්ලුවේ. ඉතින් මම පාර්ලිමේන්තුවට ආවා. ඒ නිසා මම හිතන්නේ ඩිලාන් පෙරේරා මැතිතුමා මට අභියෝග කරනවාට වඩා හොඳයි ඊළඟ පාර ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් නොවී ජන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ආවා නම් ඒත් එක්කම මන් හිතන්නේ ඩිලාන් පෙරේරා මැතිතුමා ඔය කරන අභියෝග එකක්වත් කරන්නේ මට නෙවෙයිනේ. අතිගරු ජනාධිපතිතුමාට තමයි අභියෝග කරන්නේ.”
COMMENTS