දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිටකොටුව බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය පරිසර හිතකාමී ලෙස.
Homeගොසිප්

පිටකොටුව බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය පරිසර හිතකාමී ලෙස.

PropellerAds

පිටකොටුව බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය පරිසර හිතකාමී ලෙස ගොඩනගන බව  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහ...

උසස් පෙළ විභාගය කල්දාගන්න ජනපතිගේ වෙබ් අඩවිය හැක්කළ පාසල් සිසුවා හසුවේ
ඇමති ජෝන්ට හූ කියූ 6 ක් මාට්ටු
ඩිල්ෂාන් ගැන ෆේස් බුක් මිතුරෙකු ලබාදුන් චරිත සහතිකය


පිටකොටුව බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය පරිසර හිතකාමී ලෙස ගොඩනගන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ අද (21) දින කොළඹ ෂැංගිලා හෝටලයේ පැවැති පිටකොටුව බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයේදී ශක්‍යතා අධ්‍යනයට කි‍්‍රයාත්මක කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. ප‍්‍රංශ රජය මගින් ශක්‍යතා වාර්තාව පිළියෙල කිරීම සඳහා මූල්‍ය දායකත්වය සපයනු ලැබේ. එම අවස්ථාවට ප‍්‍රංශ තානාපති ජේන් මැරීන් මහතා ද සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අද පිටකොටුව ප‍්‍රදේශයේ ප‍්‍රධාන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ අපි ශඛ්‍යතා අධ්‍යනය ආරම්භ කරනවා. මේ සඳහා ඩොලර් මිලියනයකට අධික මුදලක් ප‍්‍රදානය කිරීම පිළිබඳව ප‍්‍රංශ රජයට අපේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම අපේ රටේ නාගරික දියුණුව ජල සම්පාදනය ආදී බොහෝ අවස්ථාවලදී ප‍්‍රංශ රජය අපට නොමසුරුව ආධාර කර තිබෙනවා. විශේෂයෙන්ම උපාය මාර්ගික නගරයක් ලෙස අනුරාධපුරය දියුණු කිරීමටත් ඒ වගේම අනාගතයේදී ප‍්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්වීමට නියමිත කුරුණෑගල ප‍්‍රදේශයේ දියුණුව සඳහාත් එතුමන්ලාගේ මැදිහත්වීම අපි ඉතාම අගය කරනවා. අපගේ මේ ව්‍යායාමයන් සමග දැනට ගොඩනැගෙමින් තිබෙන වරාය නගර ව්‍යාපෘතියත්, බේරේ වැව අවට ගොඩනැගෙන ප‍්‍රධාන වාණිජ නගරයත්, රටේ අනෙකුත් ප‍්‍රදේශ සමග එකට එකතු කරන ප‍්‍රධාන මධ්‍යස්ථානය බවට මෙය පත්වෙනවා.

ඒ වගේම බත්තරමුල්ලෙත් මෙවැනිම මධ්‍යස්ථානයක් පෞද්ගලික හා රජයේ ආයෝජනයෙන් ඉදිකිරීමට මේ වසරේදී වැඩ ආරම්භ වෙනවා. ඊට අමතරව කොළඹ අවට තවත් කුඩා ප‍්‍රවාහන මධ්‍යස්ථාන ගණනාවක්  යෝජනා කර තිබෙනවා. අපි කොට්ටාවේ බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඇති කරනවා පමණක් නෙමෙයි රටේ ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයට අන්තර්ජාලය භාවිත කර ගමන් කළ හැකි පහසුකම් සැපයිය හැකි නවීන මධ්‍යස්ථානයක්  ඒ හරහා ගොඩනැගෙනවා. ඉදිරියේදී කඩවත, කටුනායක 18 කණුව, මොරටුව සහ පිළියන්දල ප‍්‍රදේශයේ කුඩා පරිමාණයේ බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනාගතයේ ගොඩනැගෙන සැහැල්ලූ දුම්රිය සේවාවන් කඩවත, කොලොන්නාව, කොට්ටාව, හෝමාගම, පිළියන්දල කියන මේ නගර සියල්ලම එකට යා කරන සැහැල්ලූ දුම්රිය පද්ධතියකුත් රජයේ හා පෞද්ගලික ආයෝජනයෙන් ගොඩනැගීම සඳහා ශඛ්‍යතා අධ්‍යන කරගෙන යන බව ප‍්‍රකාශ කළ යුතුයි. 

අපේ අරමුණ පොදු ප‍්‍රවාහණය අනාගත ලෝකයට ගැලපෙන ලෙස ශක්තිමත් කිරීමයි. ඒ සඳහා පිටකොටුවේ ප‍්‍රවාහන මධ්‍යස්ථානය තමයි ප‍්‍රධානම ප‍්‍රවාහන මධ්‍යස්ථානය වෙන්නේ. එය කොළඹට, ශ‍්‍රී ලංකාවට පමණක් නෙමෙයි දකුණු ආසියාවට, ඉන්දියානු සාගරයටම ප‍්‍රධාන පිවිසුම් දොරටුවක් බවට පරිවර්තනය වේ යැයි ප‍්‍රාර්ථනා කරනවා. ඒ වගේම එහි දැනට යම් යම් ව්‍යාපාර කටයුතු කරන යම් යම් ආයතන පවත්වාගෙන යන සියළුම දෙනා සම්බන්ධයෙන්ම විධිමත් සාමාජ සුහදශීලි ලෙස කටයුතු කරන්නත් පරිසර හිතකාමී ලෙස ගොඩනගන්නත් අපි කි‍්‍රයා කරනවා’ යයි පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිටකොටුව බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය පරිසර හිතකාමී ලෙස.
පිටකොටුව බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය පරිසර හිතකාමී ලෙස.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3PAdCHQ9cLj2t2kA0IEvT22WHqGSRlgXZrhCR54e33bDVScjnNPoEd73kyC7uey0g8Oe70Q-LLQWJ7tJ2W8LzuwQCoumrbCGcFpUh2WuMAD-sU7QTHKzTRhZ8gGYAWN_eL0NqZf8o__k/s1600/01.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3PAdCHQ9cLj2t2kA0IEvT22WHqGSRlgXZrhCR54e33bDVScjnNPoEd73kyC7uey0g8Oe70Q-LLQWJ7tJ2W8LzuwQCoumrbCGcFpUh2WuMAD-sU7QTHKzTRhZ8gGYAWN_eL0NqZf8o__k/s72-c/01.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_411.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_411.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy