දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාධිපති පාලනයකට යළි ඉඩ නොතබන බව ජනපති කියයි.
Homeගොසිප්

ඒකාධිපති පාලනයකට යළි ඉඩ නොතබන බව ජනපති කියයි.

PropellerAds

2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව රටේ පාලනයේ වෙනසකට දායකවූයේ එදා රට තුළ මතුවෙමින් තිබූ ඒකාධිපති පාලනයක ස්වරූපයට එරෙහිව බව ජනපති මෛත්‍රී...

මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසමට නම් කළ අය මෙන්න
නුගේගොඩ රැළියෙන් පැය කිහිපයකට පසු හාල් බද්ද අඩුවෙලා
රන්ජන්ගේ හෙණ ගහන කතාව නිසා පරිපාලන නිලධාරීන් වර්ජනයේ


2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව රටේ පාලනයේ වෙනසකට දායකවූයේ එදා රට තුළ මතුවෙමින් තිබූ ඒකාධිපති පාලනයක ස්වරූපයට එරෙහිව බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

එම අත්දැකීම් අමතක වී ගිය උදවිය අද නැවතත් රටට ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටිය ද 2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව තැබූ අපේක්ෂාවන් බිඳ වැටීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපති මහතා මේ බව අවධාරණය කළේ අද (21) පෙරවරුවේ නිකවැරටිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

ඒකාධිපති පාලනයක යුගය නිමා කරමින් ජනතාව ඉල්ලා සිටි නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සියයට සියයකින් නොව සියයට දෙසීයකින් අද රට තුළ තහවුරු කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඒ තුළ පන නැති පාලනයක් ලෙස වත්මන් පාලනය හඳුන්වාදීමට ඇතැමුන් කටයුතු කළ ද එය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ යන ගමනක් බව ඔවුන් සියලූදෙනා අවබෝධ කරගතයුතු බව කියා සිටියේය.

ලැබී ඇති නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වැරදි අන්දමින් භාවිතා කරමින් රජයට පහරදීමට ඇතැමුන් කටයුතු කළ ද රටේ උගතුන්, බුද්ධිමතුන් සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලූදෙනා එක්කර ගනිමින් රටට අවශ්‍ය නිවැරදි දේශපාලන සහ සංවර්ධන ගමන තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

පසුගිය වසර තුන හමාර තුළ රට තුළ තහවුරු කළ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සමගින් දුරස්වී සිටි ජාත්‍යන්තරය යළි මාතෘභූමියට සමීප කරවීමට මෙන්ම රටට ජයග්‍රහණ රැසක් අත්කරදීමට හැකි වූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා රට දිනාගත් ගමන ආපසු හැරවීමට කිසිවෙකු දායක නොවිය යුතු බව ද අවධාරණය කළේය.

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 81 වැනි උදා ගම්මානය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, කොටවෙහෙර ,වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

අක්කර 6.67 ක් භූමි භාගයක ඉදිකර තිබෙන මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 32 කින් සමන්විත වන අතර විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමක් සහ විධිමත්ව සකස් කළ ප්‍රවේශ සහ අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විත අංග සම්පූර්ණ ආදර්ශ ගම්මානයක් ලෙස එය ඉදිකර තිබේ.

නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

ආදර්ශ ගම්මානයේ ඔසු උයන ද ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක්වූ අතර නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් නා පැළයක් ද රෝපණය කෙරිණි.

නිවාසලාභීන් වෙත සංකේතාත්මකව යතුරු ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ගාමිණි ජයවික්‍රම පෙරේරා, එස්.බී. නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු පලාතේ දේශපාලන නියෝජිතයින් රැසක් ද නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාධිපති පාලනයකට යළි ඉඩ නොතබන බව ජනපති කියයි.
ඒකාධිපති පාලනයකට යළි ඉඩ නොතබන බව ජනපති කියයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwYjEf20nUU9QTUombf7osYpoOFMSYzYvCF1g71lrMvQwB3syLVVlCn0JYv5ix2MVFowGUK4ByGXWXlmlFnG0ANx6Vh9LhYsvTXYagcfcVftLLSlofPCREzX7hrC0AQqAKI5ZpgerNvmw/s1600/%25E0%25B6%25B8%25E0%25B7%259B%25E0%25B6%25AD%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB%25E0%25B7%2593%25E0%25B6%25B4%25E0%25B7%258F%25E0%25B6%25BD+%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B7%259A%25E0%25B6%25B1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwYjEf20nUU9QTUombf7osYpoOFMSYzYvCF1g71lrMvQwB3syLVVlCn0JYv5ix2MVFowGUK4ByGXWXlmlFnG0ANx6Vh9LhYsvTXYagcfcVftLLSlofPCREzX7hrC0AQqAKI5ZpgerNvmw/s72-c/%25E0%25B6%25B8%25E0%25B7%259B%25E0%25B6%25AD%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB%25E0%25B7%2593%25E0%25B6%25B4%25E0%25B7%258F%25E0%25B6%25BD+%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B7%259A%25E0%25B6%25B1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_399.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_399.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy